මිගලෑව පොලිස් වදකයින්ගේ පිහිටට මිගලෑව රජයේ රෝහලත්.


හර්ෂි සි. පෙරේරා

උපාලි අමරසේන 25 හැවිරිදි අවිවාහක තරුණයෙකි. හෙතෙම විදුලි ජල නල කාර්මිකයෙකු ලෙස සේවය කරයි. ඔහු අංක 314/4/63 ගනන්ගමුව මිගලෑව හි පදිංචිව සිටි.

2011.05.15 දින ඔහුව මිගලෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස වදහිංසා පමුණුවා වියාජ චෝදනා නගා අදිකරණයට ඉදිරිපත් කරන ලදී. ඔහුට දින 04 ක් රක්ෂිත බන්දනාගාර ගතව සිටීමට සිදුව ඇත.
මෙම අවනීතිය ඔහුට සිදු කර ඇත්තේ මිගලෑව පොලිසියේ උප පොලිස් පරීක්ෂක අබේරත්න, සැරයන් සෝමදාස 24326, සැරයන් වීරසුරිය 31189, සැරයන් ලයනල් 31194 සහ රියදුරු විමල් 30665 විසිනි.

උපාලිව පොලිසිය විසින් මිගලෑව රජයේ රෝහලට ඉදිරිපත් කර ඇත. ඒ අවස්ථාවේ රෝහලේ ප්‍රදාන වයිද්යවරයා ඔහුව කිසිදු පරික්ෂාවකට ලක් කර නැත. ඒ වෙනුවට වයිද්යවරයා පොලිසියේ අවශ්‍යතාවට අදිකරණ වයිද්‍ය පෝරමය පුරවා දී තිබේ.

උපාලි මේ පිලිබදව 2012.03.15 දින මානව හිමිකම් කොමිසමට, ජාතික පොලිස් කොමිසමට, වයබ පළාතේ නියෝජ්‍ය පොලිස්පතිට සහ වයබ පළාත් සවුක්ය සේවා අද්යක්ෂකට ලිකිතව පැමිණිලි කරන ලදී.