ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්රයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් සිද්ධියක් බවට පත්ව තිබු මාධ්‍යවේදී පෝද්දල ජයන්ත පැහැර ගැනීම පිළිබදව ඊයේ (2012 මාර්තු 23) මර්ව්න් සිල්වා අමාත්‍යවරයා පැහැදිලි කිරීමක් කර ඇත. ඔහු එය කරනු ලැබුවේ ප්‍රසිද්ධියේ ය. එම ප්‍රකාශය පළ කරන ලෙස ඔහු මාධ්‍යයන්ට අභියෝගයක් ද කළේ ය.
මේ එම ප්‍රකාශයයි. "......මේ රටට අත තියන්න කාටවත් බැහැ. නමුත් මං කනගාටු වෙනවා, අපේ රටේ පෙකෙණි වැල කපාපු පාහරයෝ, නිමල්කා ෆර්නෑන්ඩුලා, සුනන්ද දේශප්‍රියලා, පෝද්ල ජයන්තලා, .............පෝද්දල ජයන්තෙයි කියනිනේ කවුද ?...ලංකාවෙන් මම එළෙව්වේ..... අද ප්‍රසිද්ධියේ කියන්නේ,... ඌ ගියේ මං නිසා..... තව එකෙක් ඉන්නවා..පාක්‍යසෝති, උන් තමයි ජිනීවා ගිහිල්ලා...උන් තමයි මේරටට විරුද්ධව මේ රටට විරුද්ධව සාක්කි දුන්නේ..... ප්‍රසිද්ධියේ කියන්නේ මේක දාන්න... තොපි මට අහු වෙන්නේ ලංකාවේ හිටියොත්, තොපේ අත පය ප්‍රසිද්ධියේ කඩන එකා තමයි මර්වින් සිල්වා කියන එක, ප්‍රසිද්ධියේ කියනවා......"
අමෙරිකාව ප්රමුඛ යුරෝපීය රටවල් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධව ජිනීවා සමුළුවේ දී ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් අහස් පළ කළ මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා පැවැසූ වේ එම යෝජනාව ජයග්‍රහණය කර ඇත්තේ එක් ඡන්දයකින් පමණක් බවයි.
ශ්‍රී ලංකාවට පක්ෂව රටවල් 15 ක් ඡන්දය භාවිත කළ බවත්, තවත් රටවල් 08 ක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටි බවත් ඒ අනුව අදාළ යෝජනාව සම්මත වූයේ එක් ඡන්දයකින් පමණක් බවත් අමාත්‍යවරයා පැවැසී ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධව සම්මත වූ යෝජනාවට එරෙහිව කිරිබත්ගොඩ නගරයේ පැවති විරෝධතාවක දී අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
කිසියම් දිනක ජනතාව විසින් තමන්ට ඉවත්ව යන ලෙස ප්‍රකාශ කළහොත් එ දිනට පමණක් හිස නමා ඉවත්ව යන බවත්, ජනතාව ලබා දුන් මන්ත්‍රී ධුරය 2016 දක්වා ක්‍රියාත්මක වන බවත් හෙතෙම සඳහන් කළේ ය.
".....තමුන්නාසේලා එක් රැස්වෙලා කියන්න උඹ පලයන් මර්වින් කියලා...එදාට බුලත් කොලේ කොලේ හැමෝටම දීලා ඔලුව නමල වැඳලා මම යනවා..ඔබ කිව දවසට..ඔබ කිව දවසට..මගේ මන්ත්‍රීකම ඔබ දුන්න මන්ත්‍රීකම 2016 වෙනකන් තියනවා..ජනාධිපතිතුමා දුන්න ඇමතිකම ජනාධිපතිතුමා ඉන්නකන් එක වෙනස් වෙන්නේ නැහැ..මගේ සංවිධායකකම කැලණිය විතරක් නෙවෙයි තවත් ආසනයක් දෙකක් බලන්න සිද්ධ වෙයි කියල පණිවිඩයක් මම දෙනවා..."
එමෙන්ම ජනාධිපතිවරයා සිය ධුරය හොබවන තුරු ඔහු විසින් තමන් වෙත ලබාදුන් අමාත්‍යධුරය වෙනස් නො වන බව ද, එම විරෝධතාවය අතර වැඩිදුරටත් අදහස් දැක්වූ මර්වින් සිල්වා ඇමතිවරයා අවධාරණය කර සිටියේය.
Post a Comment