අද එනම් මාර්තු 19 වන දින ජිනීවා හිමිකම් කොමිසම ඉදිරිපිට දෙතුන් සියයක් පමණ විදේස් ගත ශ්‍රී ලංකික පිරිසක් සාමකාමී උද්ඝෝෂණයක නිරත වූහ. මෙම උද්ඝෝෂකයින්ගේ කියා සිටියේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයට ගෙන එන යෝජනාව ප්‍රතික්ෂේප කළ යුතු බව ය. එම ජායාරූප මෙහි දැක්වේ.
එනමුත් එහි සිටි දාමරිකයින් පිරිසක් උද්ඝෝෂනයේ ජායාරුප ගනිමින් සිටි සුනන්ද දේශප්‍රිය මහතා මරා දැමීමට කෑ ගැසූහ. එලෙස මිනී මැරීමට කෑ ගැසුවේ ලොකයේ ම මානව හිමිකම් රැකීමට ඇති ඉහළම ස්ථානයක් වන මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට දීය.
එකී මිනීමරුවන්ගෙන් ආරක්ෂාවීමට ඔහුට එරට පොලිස් සහාය ලැබුණි. එසේ නොවුනි නම් සංහ කොඩියට මුවා වු එම මිනීමරුවන් විසින් ඔහු මරා මස් කන්නට තිබුණි. ඔවුන් කැ ගැසුවේ තොගේ මස් කනවා බල්ලෝ කියමිනි.
ජිනීවා නුවර මහජන පෙළපාලි තහනම් කළ යුතු බවට දක්ෂිණාංශික පිරිස් ව්‍යාපාරයක් දියත් කර ඇති අතර එය සාධාරණ කිරීමට ඔවුන් යොදා ගන්නේ මෙවැනි මිනීමරුවන්ගේ ජායාරූපයන්ය.
Post a Comment