නව මාද්‍ය සහ නිතිය;- පාපොච්චාරණය කලේ සුවෙච්චාවෙන්ද?

හර්ෂි සි. පෙරේරා

පොලිස් නිලදාරියෙකු වෙත කරන ලද වරද කියාපෑමක් කැලා ආඥා පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් පිලිබදව කරන ලද වරද කියාපෑමක් සුරා බදු ආඥා පනත යටතේ දඩුවම් පැමිණවියහැකි වරදක් පිලිබදව සුරා බදු නිලදාරියෙක් වෙත කරන ලද වරද කියාපෑමක් චුදිතයෙකුට එරෙහිව නඩු විබාගයකදී ඔප්පු කල නොහැක. මේ බව සාක්ෂි ආඥා පනතේ 25 වන වගන්තියේ සදහන් වේ. එසේ වුවද මෙම අවස්ථා වලදී මෙම ප්‍රකාශය සුවෙච්චාවෙන් කලේද නැද්ද යන්න පරික්ෂා කිරීම සදහා voir dire පරීක්ෂණය කල හැක. මෙය පරීක්ෂණයක් තුල කෙරෙන පරීක්ෂණයක් වේ. මෙහිදී සලකා බලන්නේ පාපොච්චාරණය සුවෙච්චාවෙන් කලේද යන්නයි. පෙලබවීම් තර්ජනය හෝ බලපෑමක් පැවති බව මෙහිදී සලකා බලන අතර ඒ මත ඔහුට එරෙහිව සාක්ෂියක් ලෙස යොදා ගත හැකිද යන්න නිගමනය කරනු ලැබේ.