දිනමිණේ ප්‍රබුද්දිට කල පහරදීම හෙලා දකිමු.


හර්ෂි සි. පෙරේරා

දිනමිණේ ප්‍රබුද්දී රණසිංහ සහ චමීර ඇල්දෙනිය වඩාත් හොදින් පාටකයා අතරට පැමිණෙන්නේ දිනමිණ අකුණ විශේෂාංගයත් සමගයි. එවන් විමර්ශනාත්මක අකුණ ලිපි පෙළ යම් කාලයකට හෝ නොබියව පවත්වාගෙන යාම පිලිබදව මොවුන් දෙදෙනාට අපේ ප්‍රණාමය හිමිවේ. ප්‍රබුද්දිට සිදුකල මෙම පහර දීම අපි තරයේ හෙලා දකිමු.

"‘දිණමින’ පුවත් පතෙහි රාත්‍රි කතෘවරයෙකු වන ප්‍රබුද්ධි රණසිංහ මහතාට එම පුවත්පතේම සමකතෘවරයෙකු හා නළුවෙකු වන ගාමිණී ජයලත් මහතා විසින් පහරදී අතැයිිශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ. මෙම පහරදීම ඊයේ :25* රාති‍්‍රයේ සිදුකර ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ ප්‍රබුද්ධි ජාතික රෝහලේ 55 වැනි වාට්‍ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද පැවසේ. සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රබුද්ධි පොලිසියට පැමිණිල්ලක්ද කර තිබේ. දිනමිණ කර්තෘවරයාගේ උපදෙසක් පරිදි රාත‍්‍රී කර්තෘවරයා විසින් එම පුවත්පතේ පිටුවක් ඉවත් කිරීම සම්බන්ධයෙන් උරණවූ ගාමිණී මෙම පහරදීම සිදුකර ඇතැයි පැවසේ."