ගෝත්‍රික සමාජයක නිරුවත හෙළිවන පුවතක පසුබිම

| අමිල ගුණරත්න

වනචාරී සහ පසුගාමී ගෝත්‍රික සමාජයක් වන ශ්‍රී ලංකාවට අධිකරණය සහ නීතිය අවශ්‍ය නොවන බව ලංකාදීප පුවත් පතේ පලවූ වාර්තාවකින් තව දුරටත් සනාථ වෙයි. ශිෂ්ට සමාජයක් ඇති රටවල නම් නීතිය මගින් ඔප්පු වන තෙක් සෑම සැකකරුවෙක්ම විත්තිකාරයෙකු නොවේ. එසේම සෑම සැකකරුවෙකුටම නීතිඥයෙකුගේ ආවරණය ලබා ගත හැකිය. ජනතාව පොලිස් සහ අධිකරණ ක්‍රියාදාමයේ නිරික්ෂකයන්ය. නමුත් ශ්‍රී ලංකාව නමැති නුගත් ගෝත්‍රික රටේ වැඩ සිද්ද වන්නේ ජරාජීර්ණ ගර්හිත කුමන්ත්‍රණකාරී බටහිර රටවල් වල සිදුවන අන්දමට නොවේ. හාත්පසින්ම වෙනස් ආකාරයකටය. මෑතකදී කෝට්ටේ රජමහ විහාරයේ හිමි දෙනම ඝාතන සිද්දියේදී විත්තියේ නිතීඥයාට භික්ෂුන් සහ උපාසක උපාසිකාවන් පහර දී බුලත් පඩික්කමක්ද හිස මත හෙළුහ. ජනතාව මෙසේ නීතිය අතට ගෙන ක්‍රියා කරන්නේ ශ්‍රී ලංකික ගෝත්‍රික සමාජයේ නීතිය සහ සාධාරණත්වය පිලිබඳ ජනතාවට (ගෝත්‍රිකයන්ට) විශ්වාසයක් නැති නිසාය. මෙම ගෝත්‍රිකයන්ගේ පොලිසිය විසින් සිදු කරන පරීක්ෂණ ගැනද ජනතාවට (ගෝත්‍රිකයන්ට) කිසිදු විශ්වාසයක් නැත. බොහෝ විට දේශපාලන ඇඟිලි ගැසීම් නිසා පොලිසිය පරීක්ෂණ කරන්නේ අධිකරණයෙන් වරදකරුවන්ට ගැලවී යාමට ඉඩ ලැබෙන පරිදිය. යම් ලෙසකින් අධිකරණය මගින් මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ වැනි බරපතල අපරාධ කල වරදකරුවන්ට සිර දඬුවම් නියම කලද දේශපාලන නායකත්වය (ගෝත්‍රික නායකයා) විසින් සමාව දීම නිසා අපරාධකරුවන් නීතියේ හිඩැසින් ගැලවී යන බව ජනතාව (ගෝත්‍රිකයන්) දනිති. එම නිසා ඔවුන් උසාවි අසල කල්ලි ගැසී දඬුවම් කිරීම සඳහා සැකකරුවන් තමන්ට දෙන්නැයි මොර දෙති. ගෝත්‍රික සමාජයක නිරුවත හෙළිකරන ලංකාදීප පුවත්පතේ පුවත මෙසේය.

මහ පිරිසක් සැකකරුවෝ ඉල්ලති
ගංගොඩවිල උසාවිය අසළ මහ කලබලයක්

කෝට්ටේ රජමහ විහාරයේ හිමි දෙනම ඝාතන කළැයි සැකපිට බස්නායක නිළමේවරයෙකු වන හර්ෂ මංජු ශ්‍රී මනිකීර්ති සහ සිවුරුහළ පුදුගලයෙකුවන එම් ඒ සුරේෂ් යන අය නුගේගොඩ අධිකරණ ශාලාවට රැගෙන එද්දී මහත් කලබලයක් ඇතිවිය. 100 කට අදික පිරිසක් උසාවි භූමියට පැන සැකකරුවන්ට බැණ වදිමින් ශාප කළහ. ඔවුන්ට නිතීඥ සහය නොදෙන්නැයි ඔවුන් ඉල්ලීය. ඔවුන් බේරා ගැනිමට මහත් වෙහෙසක් දැරීමට පොලීසියට සිදුවිය