| අජිත් අලහකෝන්
ආණ්ඩුවේ ඉන්නා ඇතැම් දේශපාලකයින් ව්‍යාපාරිකයන්ට පාඩුවේ ව්‍යාපාර කරගෙන යැමට ඉඩ නොදී කප්පම් ගනිමින් සල්ලි එකතු කරමින් සහ බිය ගන්වමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
හිඟුරක්ගොඩ පැවැති උත්සවයකදී ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවැනි කප්පම් දේශපාලකයන්ට එරෙහිව ව්‍යාපාරකයින් සහ ජනතාව එකමුතුවී සාමුහිකව කටයුතු කළ යුතු බවයි.
මෙවැනි කප්පම්කරුවන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නැතැයිද, පොළොන්නරුවේ ව්යාරිකයන්ගෙන් මෙසේ කප්පම් ගැනීමට හෝ තර්ජනය කිරීමට තමන් ඉඩ නොතබන බවද මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ව්‍යාපාරිකයන්ට බලපෑම් කරමින් සහ බිය ගන්වමින් සිටින ආණ්aඩුවේ සමහර දේශපාලකයින් පරාජය කළ යුතු බවද කී ඇමැතිවරයා පොළොන්නරුවේ ව්‍යාපාරිකයන්ට නිදහසේ කටයුතු කිරීමේ වාතාවරණයක් සකස් කර ඇතැයිද පැවැසුවේය.
Post a Comment