ජවිපෙ උද්ඝෝෂණයකට පොලිස් ප්‍රහාර

ජනතා විමුක්ති පෙරමුණේ උද්ඝෝෂණයකට පොලිසිය විසින් රබර් උණ්ඩ සහ කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බව පැවසෙනවා. මෙම උද්ඝෝෂණය පැවතී ඇත්තේ කොළඹ 10 පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණය ඉදිරිපිටදීය.

මෙම ජවිපෙ උද්ඝෝෂණය පවත්වා ඇත්තේ ඉන්ධන මිල වැඩි වීම හේතු කොට ගෙන වන අතර ඔවුන් ඉල්ලා සිටින්නේ රජයේ අනවශ්‍ය වියදම් කපා හරින ලෙසයි.