ආදරවන්තයින්ගේ දිනය සහ පසුදා .......මිනි දෙකක් මැද.



හර්ෂි සි. පෙරේරා

ඊයේ ආදරවන්තයින්ගේ දිනයදා උදැසන කොලබ පාරක මිනියක් පිලිස්සිනි. අද තවත් දීවර කම්කරුවකු මියදිනි. ආණ්ඩුවේ ජනතා පිඩනයට එරෙහිව උද්ගෝෂණ වලදී ලේ පිපාසිත මුර්ගයින් අතින් ජිවිතක්ෂයට පත් රෝශේන්ගෙන් පසු දෙවැනි බිල්ල මේ අහිංසක දිවරයායි.

මේ රට යන්නේ කොයිබටද?

රටේ ලොක්කා සහ පිරිවර ආගමට දහමට ඉතා ලැදිය. කිසිදු පෝය දිනයක් මග නොහැර සිල් සමාදන් වේ. සත්ව හිංසාව බිලි පුජා ගැන ඔහුගේ පරිවාර ජනයා මහා ඉහලින් කතා කරති. කටයුතු කරති. ඒ ඔවුන් විසින් ඔවුන්වම රවටා ගැනිමක්නම් නොවේ. එය හුදු තක්කඩි ලෙස මෙරට සාමාන්‍ය ජනයාගේ බදු මුදලින් සුක විහරණ විදිමින් තම පවුල් පරම්පරා ගණනාවකට පෝෂණය කරමින් එම අහිංසක ජනතාව රැවටීමට කරන්නා වූ බියජනක මවා පෑමකි.

එහෙත් මේ දේවල් වෙනස් වනු ඇත. මේ මායා අන්දකාරයෙන් අත්මිදෙන ජනයා නිදහස් වෙළද කලාපයේ සේවකයින් මෙන් හලාවත දිවරයින් මෙන් පෙරට එන මෙම ලැජ්ජා සහගත මායාවට අබියෝග කරන දිනය වැඩි ඇතක නොවේ.