"යකඩ ගැහැණිය " අජන්ටිනාවේදී බලවත් දෝෂදර්ශනයට.



හර්ෂි සි. පෙරේරා

යකඩ ගැහැණිය යනු බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිනි මාග්‍රට් චැතර් ජිවිත කතාව අලලා සැකසුනු චිත්‍රපටියයි. එය ආර්ජන්ටිනාවේ ප්‍රදර්ශනය කල අවස්ථාවේදී දැඩි දෝෂදර්ශනයට ලක්වී තිබේ. එයට හේතුව ෆෝක්ලන්ඩ් යුද්දයේදී මාග්‍රට් චැටර්ගේ දර්ශන එහි සදහන්විමයි. ෆෝක්ලන්ඩ් දුපත් සම්බන්දයෙන් දැඩි කෝපයක් පවතින අවස්ථාවක මෙය ආර්ජන්ටිනාවේ තිරගත විය. චිත්‍රපටියේ එක රුප රාමුවක නැවියන් 323 ක් ජිවිතක්ෂයට පත්කළ අර්ජන්ටිනියානු යුද නැවක් වූ බෙල්ග්රනෝ ගිල්වීමට තැචර් අණ දෙනු ප්‍රදර්ශනය කරයි. 1982 අප්‍රියල් 2 වැනිදා ෆෝක්ලන්ඩ් දුපත් අජන්ටිනියාව විසින් ආක්‍රමණය කිරීමට දැරූ අසාර්ථක උත්සාහයට වසර 30 ක් සපිරෙන මේ අවස්ථාවේ බුවනොස් අයෙර්ස් සහ ලන්ඩනය අතර යුදමය සුවරුපයක වචන හුවමාරුවක් සිදුවේ.