පානදුර උතුර පොලිසියේ තවත් නීතිවිරෝදී රදවා ගැනීමක්.



හර්ෂි සි. පෙරේරා

සුරේෂ් තැලීස් නම් වූ ඔහු 30 හැවිරිදි විවාහක තිදරු පියෙකි. කුලී වැඩ කර ජිවත් වේ. අංක 04 සුබද්‍රරම මාවත පරත්ත කෙසෙල්වත්ත පානදුර පදිංචිව සිටි.

2012.02.16 දින ඔහු සහ මිතුරන් දෙදෙනෙක් දවල් කෑමට යමින් සිටියදී සිවිල් ඇදුමෙන් සිටි පොලිස් නිලදාරීන් දෙදෙනෙක් එනම් නම් වශයෙන් ගත් විට හේවාවසම් සහ රුපරත්න ත්‍රිරෝද රථයකින් පැමිණ ඔවුන්ව පරික්ෂා කර ඇත.

සුරේෂ් එම ස්ථානයේ පාසල් ළමුන් ඇතුළු සෙනග සිටි බැවින් එසේ පරික්ෂා නොකරන ලෙස එම නිලදාරින්ට පවසා ඇත. එවිට "උබ මෙතෙන චෙක් කරනවටනේ අකමැති එහෙනම් යමන් පොලිසියට" කියා සුරේෂ්ගේ අත් වලට පමණක් මාංචු දමා ඔහුවත් මිතුරන් දෙදෙනාවත් පානදුර උතුර පොලිසියට රැගෙන ගොස් තිබේ.

ඔවුන් තිදෙනාවම පොලිස් කුඩුවට දමා ඇත. අලුයම 12.30 ට පමණ ඔවුන්ව කුඩුවෙන් එලියට ගෙන කියවා තේරුම් කර නොදී ප්‍රකාශ වලට අත්සන් ගෙන ඇත. අද එනම් 2012.02.17 උදේ ඔවුන්ව කුඩුවෙන් එලියට ගෙන ඇගිලි සලකුණු ලබා ගෙන තිබේ.

ඒ අවස්ථාවේ රුපරත්න නමැති නිලදාරියා "උබලව දවස් 14 කට අරින්න පුළුවන් බෝම්බයක් දාන්නත් පුළුවන් කුඩු පැකට් එකක් හරි ගංජා කුරක් හරි දාන්න පුළුවන් "කියා තර්ජනය කර තිබේ. පසුව ඔවුන්ව නැවත කුඩුවට දමා තිබේ.

අද උදේ 7 ට අසේල නමැති මිතුරාටත් උදේ 10.30 ට සුරේෂ් සහ ඔහුගේ අනෙක් මිතුරා වූ සම්පත්ටත් ඇප ලැබී ඇත.