| සුපුන් පෙරේරා
ජනාධිපති මහින්ද රාජපක්ෂට රතු එළියක් දල්වමින් ඉන්ධන මිල ද ඇතුළු අත්‍යවශ්‍ය ආහාර වල මිල හා සේවා ගාස්තු අඩු කිරීමට ජනතාවගේ පාර්ශවයෙන් සලකා බලා කිසියම් පියවරක් ගතයුතු බවට බෙල්ලන්විල රජමහා විහාරයේ බෙල්ලන්විල විමලරත්න හිමියන් විසින් යවන ලද ලිපියට රජයේ ප්‍රතිචාර දැඩි විය හැකි බව නිරීක්ෂකයෝ මත පල කරති.
වත්මන් ආර්ථික අර්බුධය මේ අයුරින් පැවතුනහොත් බහුතර ජනතාවට කොහෙත්ම ජීවත් විය නොහැකි තත්වයක් ඇතිවීම නොවැලක්විය හැකි බැවින් ඉන්ධන මිල ද ඇතුළුව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල හා සේවා ගාස්තු අඩු කිරීමට ජනතාවගේ පාර්ශවයෙන් සලකා බලා කිසියම් පියවරක් ගතයුතු බව බෙල්ලන්විල විමලරත්න හිමියන් මහින්ද රාජපක්ෂ මහතා වෙත අවධාරණයෙන් දන්වා සිටිති. ආණ්ඩුව කරන සෑම දෙයක්ම, හැම විටකම අනුමත කිරීම රජය කෙරෙහි දක්වන අනුග්‍රහයක් ලෙස පිළිගතයුතු නැති බව තම පිළිගැනීම යයි ද එහිමියෝ ජනාධිපතිවරයාට වැඩිදුරටත් දන්වා තිබේ.
අතීතයේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරමින් පුවත් පත් නිවේදන නිකුත් කිරීමට බෙල්ලන්විල විමලරතන හිමියන් පුරුදුව සිටි අතර යුද්දය පැවති සමයේ අන්තර් ආගමික කවුන්සලය නියෝජනය කල බෙල්ලන්විල විමලරත්න හිමි ඇතුළු රායප්පු ජෝශප් රදගුරුතුමා සහ මව්ලවි මොහොමඩ් අබ්දුල්ලා ඇතුලු ආගමික නායකයෝ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හමුවී යුද මෙහෙවුම් නතර කොට සෑම සාකච්ඡා අරඹන ලෙස පැවසූ විට ජනාධිපතිවරයා ආවේගශීලි වී ඉස්සෙල්ල ප්රභාකරන්ට කියන්ඩ ආයුධ බිම තියන්ඩ කියලා යනුවෙන් පවසා තිබේ. නමුත් ආණ්ඩුවට එරෙහිව පුවත් පත් නිවේදන නිකුත් කිරීමට පුරුදුව සිටි බෙල්ලන්විල විමලරතන හිමියන් ගෝල්ඩන් කී මුල්‍ය වංචාවෙන් පසු තදබල නිහඬ චරිතයක් බවට පත් වූ නමුත් හිටි හැටියේ ආණ්ඩුවට රතු එළියක් දැල්වීම පසුපස යම් පුද්ගලයන් හෝ සංවිධානයක් සිටින බවට ආණ්ඩුව සැක පහළ කරයි.
පසු ගිය කාලයේ ආණ්ඩුවේ බලවත් අමාත්‍යවරයෙකුගේ නියෝගය මත බෙල්ලන්විල විමලරතන භික්ෂුව පිළිබඳව රහස් ලිපිගොනුවක් විවෘත කොට තිබුණු අතර රහස් පොලිසිය විසින් ගෝල්ඩන් කී මුල්‍ය ආයතනයේ මුදල් තැන්පතුකරුවන් පිළිබඳව කරන ලද පරීක්ෂණයකට අනුව බෙල්ලන්විල විමලරතන භික්ෂුව විසින් මෙම මුල්‍ය ආයතනයේ රුපියල් මිලියන 200 කට අසන්න මුදලක් තැන්පත් කොට ඇති බවට සොයාගෙන ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ මහාභාරකාර දෙපාර්තමේන්තුවේ නීති උල්ලංඝනය කරමින් මේ සා මුදල් තොගයක් පුද්ගලික මුල්‍ය තැන්පතු ආයතනයක තමන්ගේ නමින් තැන්පත් කිරීම ආදායම් බදු වංචාවක් මෙන්ම ලංකාවේ මුදල් නීති රීති බරපතල ලෙස බිඳ දැමීමක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් විසින් පෙන්වා දී තිබේ. ලංකාවේ දේශීය ආදායම් නීති රීති අනුව මෙවැනි වංචනික මුදල් තැන්පතු සඳහා සිර දඬුවම් ලබා දිය හැකිය. රුපියල් ලක්ෂ 23ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රී පාදස්ථානයේ භාරකාර දම්පහල සීලානන්ද හිමියන් අත්අඩංගුවට ගත්තාක් සේ බෙල්ලන්විල විමලරතන භික්ෂුව ද මෙම මුදල් වංචා සම්බන්දයෙන් අත් අඩංගුවට ගැනීමට ආණ්ඩුවට හැකියාවක් තිබේ.
මෙවැනි විශාල මුදල් තොගයක් තමන්ට ලැබුණු අන්දම බෙල්ලන්විල විමලරතන භික්ෂුව හෙළි කොට නැති නමුත් රහස් පොලිස් පරීක්ෂණ අනුව 2002 වසරේ නොර්වේ රජයෙන්ද බෙල්ලන්විල විමලරතන භික්ෂුවට විශාල මුදල් ප්‍රමාණයක් නිල නොවන අයුරින් ලබා දී තිබේ. ඒකීය නොවන ෆෙඩරල් ක්‍රමය ලංකාවේ ඇති කිරීමට නොර්වේ රජය උත්සහ දැරූ අතර එම ක්‍රමය සඳහා සිංහල බොදු ජනතාවගෙන් මතු විය හැකි විරෝධතා යටපත් කිරීමට සංඝ නායකයන් යොදා ගැනීමට නොර්වේ රජය විසින් සිදු කරන ලදී. ඒ අනුව 2002 වසරේ නොර්වේ රජය විසින් බෙල්ලන්විල විමලරතන භික්ෂුවට නොර්වේහි සංචාරයක් ලබා දුන්නේය. එම සංචාරයේදී විශාල විදේශීය මුදල් ප්‍රමාණයක් නොර්වේ රජය විසින් බෙල්ලන්විල විමලරතන භික්ෂුවට ලබා දී ඇත. එසේම බෙල්ලන්විල රජමහා විහාරය සතු මුදල් ද මහාභාරකාර දෙපාර්තමේන්තුවට පවා නොදන්නවා බෙල්ලන්විල විමලරතන භික්ෂුව විසින් තමන්ගේ පුද්ගලික ගිණුමක් යටතේ ලලිත් කොතලවලගේ කුප්‍රකට ගෝල්ඩන් කී සමාගමේ තැන්පත් කරන ලදී.
ආදායම් බදු වංචා කල කළු මුදල් තැන්පතුකරුවන් බොහෝ දෙනෙකු මුදල් තැන්පත් කල ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගම සක්විති පන්නයේ මුදල් වංචාවක් කරමින් කෘතීම ලෙස බංකොලොත් කරවන ලදී . මේ නිසා තැන්පත්කරුවන්ට මුදල් බිලියන ගණනක් අහිමි වුහ. ගෝල්ඩන් කී ගෝල්ඩන් කී මගඩිය සම්බන්ධයෙන් අධි චෝදනා 91 ක් යටතේ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති ලලිත් කොතලාවල මහතා ඇතුළු එහි අධ්යක්ෂවරු 9 දෙනෙකු චෝදනා ලබා සිටියි.මෙම නඩුවට අදාළව ලේඛන 62ක් තිබෙන අතර, සාක්ෂිකරුවන් 778ක් සිටිති. ආදායම් බදු වංචා කල කළු මුදල් තැන්පතුකරුවන්ටද ඉදිරි කාලයේ චෝදනා ගොනු වීම සිදු විය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග පවසයි. රහස් පොලිස් වාර්තා අනුව බෙල්ලන්විල විමලරතන භික්ෂුවට අයත් මුදල් සහ දේපල අතර දෙහිවල මුවර්ස් පාරේ සුපිරි නිවසක්ද තිබෙන බව හෙළිවී තිබේ. මේ අනුව ආණ්ඩුවට වැඩිපුර රතු එළි දැල්වීමට ගියහොත් ඉදිරි කාලයේ බෙල්ලන්විල විමලරතන භික්ෂුවටද මුදල් වංචා චෝදනා ගොනු විය හැක.
Post a Comment