ග්‍රීසියේ නිවෙස් අහිමි වුවන්ගේ සංඛ්‍යාව තවත් ඉහළට


l කිෂානි වැලිවිටිගොඩ 

රැකියා වියුක්තිය හේතුවෙන් ග්‍රීසියේ නිවෙස් අහිමි වුවන් සංඛ්‍යාව සිඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර ඇතන්ස් රජය විසින් මේ දින වල නිවෙස් අහිමි වුවන්ගේ අර්බුධය විසඳීමට වෙර දරන බවට විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි. ග්‍රීසියේ නිවෙස් අහිමි වුවන්ගේ සංඛ්‍යාව 2009 සිට 25 % කින් වැඩි වී තිබෙන අතර ඔවුන්ගේ බොහොමයක් රැකියා වියුක්තික ග්‍රීක ජාතිකයින් වන අතරම දැඩි ලෙස ආර්ථික අර්බුධයන්ට මුහුණ පාන අය වේ.

දැනට ග්‍රීසියේ රැකියා වියුක්ති භාවය 18% කට වඩා වැඩි අතර ජනගහනයෙන් 20% ක් දිළිඳු භාවයෙන් පීඩා විඳි. මෙම තත්වය මානුෂිය අර්බුධ නිර්මාණය වෙමින් පවතින බවට විශේෂඥයින් විසින් අනතුරු අඟවා තිබේ. රැකියා වියුක්තිකයන්ගේ සංඛ්‍යාව පසු ගිය වර්ෂයට වඩා මෙම වර්ෂයේදී 20% කට වඩා වැඩි වන බව ග්‍රීසියේ වුර්තිය සමිති සාමාජිකයින් විදෙස් පුවත් එජෙන්සි වෙත තම අදහස් පළ කොට ඇති අතර ඉදිරි දෙවසර තුලදී මෙලෙස මෙම සංඛ්‍යාව තව දුරටත් ඉහළ යන බවට ජාත්‍යන්තර මුදල් අරමුදල විසින් අනාවැකි පළ කර ඇති බවට අනාවරණය වේ.