විදේශිකයා ඝාතනයේ විත්තිකාර තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති රැස්‌වීමට එයි

| ප්‍රමෝද් ශ්‍යාමල්

( 27.01.2012 | lankaguardian.com ) තංගල්ල මැඩිල්ල නේචර් රිසෝට්‌ සංචාරක හෝටලයේදී බ්‍රිතාන්‍ය පුරවැසියකු ඝාතනය කිරීමේ නඩුවේ සැකකරුවකු ලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ මහතා ඊයේ (26 දා) පැවැත්වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්‌වීමට සහභාගි විය. බන්ධනාගාර නිලධාරීන්ගේ සහ පොලිසියේ දැඩි ආරක්‍ෂාව මත සභාපතිවරයා පෙ.ව. 10.30 ට පමණ බන්ධනාගාර බස්‌රියකින් සභාව වෙත රැගෙන ආවේය.

නෙටොල්පිටිය නගරයේ පිහිටි තංගල්ල ප්‍රාදේශීය සභා රැස්‌වීම් ශාලාවේ පැවැති මෙම මාසික සභා රැස්‌වීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරු 09 දෙනාත්, විපක්‍ෂයේ එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරු තිදෙනාත් සහ ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරයාත් සහභාගි වූහ. සභා රැස්‌වීම ප. ව. 3.00 දක්‌වා පැවැත්විණි.

රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි සභාපතිවරයා අධිකරණ නියෝගයක්‌ මත මෙම රැස්‌වීමට සහභාගි විය.