සතුටින් සිටින ශ්‍රී ලාංකික පවුල

| අමිල ගුණරත්න

යූ ටියුබ් එකේ අපූරු වීඩියෝ පෙළක් දක්නට තිබේ. පවුලේ සියලුදෙනා සතුටින් සින්දුවලට නටන ශ්‍රී ලාංකික පවුලක දර්ශන මෙහි අඩංගුය. පියා මව, පුතුන් දෙදෙනා සහ දුව මෙම වීඩියෝ පෙළෙහි ජනප්‍රිය සින්දු වලට නටති. බොහෝ දෙනෙකු මෙම වීඩියෝ දර්ශන පෙළ ගැන ප්‍රසාදයෙන් කථා කරති. නමුත් ඒ අතර සමහරු මෙම පවුලේ දෙමාපියන් සහ ළමුන් එකට නර්තනයේ දීම ගැන අවලාද සහ අපහාස කරමින් ද කමෙන්ට්ස් පල කොට තිබේ. මෙවැනි විවේචන කල බොහෝ දෙනෙකු සංස්කෘතිය සදාචාරය ගැන මහා ඉහලින් කථා කරන ඔස්තාර්ලාය නමුත් ලංකාව යනු මීට වසර 75 - 100 අතීතයට යන විට එකගෙයි කෑම වැනි ලිංගික සංස්කෘතියක් තිබු රටක් බව මේ සංස්කෘතිය සදාචාර වමාරන්නන් නොදනිති. පුරුෂ ආධිපත්‍ය පිරී පවතින , කාන්තා හා ළමා හිංසනය සපිරි ලාංකික සමාජයකට පියා මව හා ළමුන් එකට සංගීතයට සතුටින් නැටීමද දිරවන්නේ නැති හැඩකි. අවලාද සහ අපහාස කරමින් කමෙන්ට්ස් පල කොට තිබෙන පුද්ගලයන් බොහෝ දෙනෙකු තම නිවෙස් වල අහිංසක ළමුන්ට සහ ගැහැනුන්ට තග දමාගෙන සිටින නමුත් අසල්වැසි මැරයෙකු දුටු විට ඔලුව සඟවා ගන්නා හිකනලුන්ය. ඔවුන් කාඩ්බෝඩ් වීරයන් වන්නේ පවුල් සංස්ථාව ඉදිරියේ පමණි. එවැනි බෙලහීනයන් පවුලේ සියලුදෙනා සතුටින් සින්දුවලට නටන ශ්‍රී ලාංකික පවුල දුටු විට සංස්කෘතික ආතතියට පත් වෙති. පවුල් පිටින් මරා ගන්නා , පවුල් පිටින් මැහි තෙල් බී දිවි නසා ගන්නා ලංකාව වැනි පසුගාමී සමාජයකට මෙම පවුල ආදර්ශයකි. මෙවැනි පවුල් පසුබිමකින් එන ළමයෙක් විශ්ව විද්‍යාලයකට ගියහොත් ඔහු වැනි තවත් සිසුවෙක්ව නවක වදය කියා පර පිඩා වධයට ලක් කරන්නේ නැත. ඔහු තමා ජිවත් වන පවුලේ ආදරයට අවධානයට ලක් වී තිබෙන නිසා එවැනි දේට ලේසියෙන් පොළඹවා ගැනීමද අපහසුය. කසාද බැන්ද පසු බිරිඳ වහලියක් බවට පත් කරන්නේ නැත. මෝඩ පහේ මාධ්‍ය සුපවේදියන්ට ෆන් එක සඳහා තවත් පුරවැසියෙකු ගස් බඳින්නේ නැත , හෝටලයක සුද්දෙකු සහ සුද්දියක නටනවා දුටු විට අර තංගල්ලේ නුගත් මිනීමරු පාහරයා මෙන් ඇඟේ මවිල් කිලි පොලා ගොස් සුද්දාට වෙඩි තබා සුද්දිය බදා ගන්නට යන්නේ නැත, දේශපාලනයේ නාමයෙන් බල්ලන් බළලුන් සේ මිනිසුන් මහමග මරන්නේ නැත ,ලාබාල දැරියන් දුෂණය කරන්නේ නැත. ඔවුන් තුල සැබෑ මානව ප්‍රේමය ඇත. එවැනි පවුල් සංස්ථාවන් සමාජයට ආශීර්වාදයකි.

මෙන්න ප්‍රීතිමත් ශ්‍රී ලාංකික පවුල සතුටින් නටන හැටි