ගුණරත්නගේ පවුල සදහා නීතී උපදෙස්

මහජන අරගල ව්‍යාපාරය විසින් ප්‍රේමරත්න කුමාර් (කුමාර් මහත්තයා) ගේ පවුලට නීති උපදෙස් ලබා දීම සදහා කණ්ඩායමක් පිටත් කර තිබේ.

ප්‍රේමරත්න කුමාර් මහතාගේ ඔහුගේ පවුලේ සාමාජිකයන් අද උදයේ ශ්‍රී ලංකාවෙන් පිට වීමට තැන් කරන අවස්ථාවේ කටුනායකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රශ්න කිරීම සදහා රදවා ගෙන ඇත.

සිංගප්පුරුව හරහා ඕස්ටේ‍්‍රලියාව බලායාමට සදහා පැමිණ සිටි අවස්ථාවේදී අද (02) අළුයම එකට පමණ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර මේවනවිට විශේෂ ප‍්‍රශ්න කිරීම් සිදු කරමින් සිටින බවද පැවසේ.

කෙසේ වෙතත් මේ වන විට දරු දෙනොගේ විදේශ ගමන් බලපත‍්‍ර නැවත ඔවුන් වෙත ලබා දී ඇති අතර බිරිඳාගේ විදේශ ගමන් බලපත‍්‍රය තව දුරටත් ආරක්‍ෂක අංශ සතුව ඇතැයිද සඳහන්වේ.

කුමාර මහත්තයාගේ බිරිඳ වන වෛද්‍ය චම්පා සෝමරත්න මහත්මිය ඕස්ටේ‍්‍රලියාවේ පුරවැසි භාවය සහිතව එහි වෛද්‍ය වෘත්තියේ නියැලෙමින් සිටී.

වසර අවසාන නිවාඩුව සඳහා සිය දරු දෙදෙනාද කැටුව ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති ඇය නැවත විදෙස්ගත වීමට සූදානම් වීමේදී මෙසේ ආරක්‍ෂක අංශ භාරයට ගෙන ඇත.