සරත් එන්. සිල්වා අධිකරණ පද්ධතියට කළ හානිය ආපස්‌සට හරවන්න බෑ

| අජිත් අලහකෝන් - අකිත පෙරේරා

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අධිකරණ පද්ධතියට කළ හානිය යළි ආපස්‌සට හැරවිය නොහැකි බව එජාප මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (01 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

දක්‍ෂ, හොඳ විනිසුරුවරුන් ඉවත්කළා සේම විපක්‍ෂය විනාශ කළේද සරත් එන්. සිල්වා මහතා බව දයාසිරි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. විපක්‍ෂයට මේ තත්ත්වය අත්කළ සරත් එන්. සිල්වා මහතා අද විපක්‍ෂය කොහේදැයි ප්‍රශ්න සරත් එන්. සිල්වා කරන බවද දයාසිරි ජයසේකර මහතා කීවේය.

විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ආණ්‌ඩු පක්‍ෂයේ අසුන් ගැනීමට අවස්‌ථාව ලැබී තිබෙන්නේද සරත් එන්. සිල්වා මහතාගේ නඩු තීන්දුවක්‌ නිසා බව කී දයාසිරි ජයසේකර මහතා සුනාමි සහන මණ්‌ඩලයෙන් ගලවා ගනිද්දී ආණ්‌ඩුව සරත් එන්. සිල්වා මහතාගේ ගුණ ගායනා කළ බවද මාර්ග බාධක ඉවත් කරද්දී ඔහු ෙද්‍රdaහියකු කළේ යෑයිද ප්‍රකාශ කළේය.

අයවැය කාරක සභා අවස්‌ථා විවාදයේදී උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ වැය ශීර්ෂය පිළිබඳ අදහස්‌ දක්‌වමින් දයාසිරි ජයසේකර මහතා මෙම ප්‍රකාශය කළේය.