ඉරානය;- ගල් ගසා මැරීම, එල්ලා මැරීම දක්වා වෙනස් වෙයි.


හර්ෂි සි. පෙරේරා

ජාත්‍යන්තර ප්‍රජාව කෝප කිරීමට හේතුවූ ඉරානයේ කාන්තාවක් ගල් ගසා මරාදැමීමට දුන් දඩුවම දැන් එල්ලා මැරීමේ දඩුවම දීම දක්වා වෙනස් කර ඇත. මෙසේ දඩුවම දෙනු ලැබුවේ අදාල කාන්තාව අනාචාරයේ යෙදිම ගැනයි.

සකිනා මොහොමඩ් අස්ටියනි 44 හැවිරිදි දෙදරු මවකි. 2006 දී විවාහයෙන් පරිබාහිරව නීතිවිරෝදී සබදතාවක් පැවැත්වීම ගැන ඇය වැරදිකරු විය. ඇයව රදවා තබා සිටියේ බටහිර ඉරානයේ ටබ්රිස් සිරගෙදරය.