දිවයිනේ ප්‍රතිපත්තිය ගැන කතුවරයා මෙසේ කියයි

අද දිවයින පුවත්පත ශිෂ්‍ය දේශපාලනය ගැන නිල බලකායට සහ මිලිටරියට අවශ්‍ය ආකාරයේ ගොන් පාට් කතුවැකියක් ලියා ඇත. කතුවැකියේ එක්තරා කොනක මෙසේ එල්ලයි, " ප්‍රතිපත්තියක්‌ වශයෙන් ගත් කළ "දිවයින" සිය සමස්‌ත ඉතිහාසය පුරාම සිටියේ ද, අද සිටින්නේ ද මේ රටේ ජනතාව ( මොන බොරුවක්ද ) සමඟ ය. ජනතාවගෙන් ඉතා සුළු කොටස්‌ කිහිපයක්‌ කැමැති දෙයට මේ පුවත්පත කැමැති නැත. ඊළමට මේ පුවත්පත කැමැති නැත. උතුර නැගෙනහිරට පොලිස්‌ හා ඉඩම් බලතල දෙනවාට ද මේ පුවත්පත කැමැති නැත. එසේම නවක වධයට ද මේ පුවත්පත කැමැති නැත."

අදාළ කතු වැකිය තුළ ලියා ඇති අනෙක් කාරණා ගැන ලිවිය යුතු නැත. නමුත් ඊට එකතු විය යුතු කොටසක් තිබේ. එනම්. " බෙලි කැපිලි සඳහා මෙන්ම එකිනෙකා අන්න කෙටවීම සඳහා මේ පුවත්පතේ කටයුතු කරන " අදාරණීය" අය බොහෝ කැමතිය, යැයි එකතු විය යුතුය. තමන්ගේ සබැ දුර්ගන්දය දන්නේ නම් තම කතු වැකි වලින් වමාරන බණ පාඨකයා තුට්ටුවකට මායිම් නොකරනු ඇත. පිළිතුර සරලය. " මල්ලි හරි මල්ලි ඒ වුනාට රටේ ජනාධිපති අපට මල්ලි කියල කතා කරද්දී කොහොමද එයාගේ පාද ලෙව නොකා ඉන්නේ."