තමන්ගේම දියණියන් දෙදෙනා දුෂණය කල ළමා අපයෝජකයාට සුහද ගම්ලත්ගෙන් විශේෂ සමාවක්

| අමිල ගුණරත්න

තමන්ගේම ලෙයින් උපන් දියණියන් දෙදෙනකු දූෂණය කිරීම නිසා වසර 54 ක් හිර දඬුවමක් විදිමින් සිටි වැලිකඩ බන්ධනාගාරයේ ඡේ. වාට්‌ටුවේ එච්. 19948 යන සිර අංකය හිමි සින්න තම්බි සිරකරුවා විශේෂ සමාවක් යටතේ නිදහස් කිරීමට අධිකරණ අමාත්‍යංශයේ ලේකම් සුහද ගම්ලත් මහතා නිර්දේශ කොට තිබේ. මෙම පුද්ගලයා සතුව ඉඩම් සහ මුදල් තැන්පතු ලංකාවේ සහ ඇමරිකාවේ ඇති අතර මෙම විශේෂ සමාව සඳහා මුදල් අත යට ගනුදෙනු වුවාද කියා සැක මතුවී ඇත. මේ සම්බන්දයෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් පී.ඩබ්ලිව් කොඩිප්පිලි මහතා පවා දැන සිටි නොමැත.