වෙනිසුලාව;- විනිසුරු නොසලකා හැර 141 කට චාවේස් සමාව.


හර්ෂි සි. පෙරේරා

නත්තල වෙනුවෙන් වෙනිසුලා ජනාදිපති සිරකරුවන් 141 දෙනෙකු නිදහස් කරයි. නමුත් දැඩි ඉල්ලීමක් වූ එරට සිරගත කර සිටින හිටපු විනිසුරුවරයා නිදහස් කර නැත. මේ විනිසුරු සිරගත කිරීම එරට අදිකරණ පද්දතියට ප්‍රබල දේශපාලන මැදිහත්වීමක් මෙන්ම දැඩි විවේචන වලට හේතුවූ සංසිද්දියක් විය. ඔහුව සිරගත කලේ 2009 වසරේදීය.