නිවැරදි කළා යැයි කියූ ප්‍රතිඵලත් වැරදියි - නිවැරදි ප්‍රතිඵල වහා ලබාදෙනු

නිකුත් කරන ලද අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල නිවැරදි බවත් ඒ අනුව ඉදිරියේදී විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා බවත් උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක මහතා අද උදෑසන සිය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ. පාසල් විභාග පිළිබඳ කොමසාරිස්වරයා එහිදී පවසා ඇත්තේ නිකුත් කරන ලද ප්‍රතිඵලය කිසිසේත් වෙනස් නොකරන බවයි. ඉමහත් අර්බුදයකට තුඩු දුන් අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධව ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ නිල ස්ථාවරය එය බව ඒ අනුව පැහැදිලි වේ.

ආණ්ඩුව කෙසේ කීවත් මෙම ප්‍රතිඵල අතිශය දෝෂ සහගත, විකෘති ප්‍රතිඵලයක් බව දැන් මුළු රටම දනී. ප්‍රතිඵල ගැටළුව "සුනාමියක්" බවට වර්ධනය වූ විට ආණ්ඩුව කලේ දිස්ත්‍රික් කුසලතා පමණක් වෙනස් කර නැවත ප්‍රතිඵල නිකුත් කිරීමයි. එයින් යම් දෝෂ ප්‍රමාණයක් නිවැරදි වුවද සමස්ත ප්‍රතිඵලයම නිවැරදි නොවූ බවට සාක‍ෂි ඕනෑ තරම් තිබේ.

විභාගයට පෙනී සිටි විෂය ධාරා වෙනුවට වෙනස්ම විෂයධාරා වලින් ප්‍රතිඵල ලැබීම.

වාණිජ විෂය ධාරාවෙන් විභාගය කල සිසුවෙකුට කලා ප්‍රතිඵල ලැබීම
ගම්පහ ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ කලා විෂයයෙන් විභාගයට පෙනී සිටි ශිෂ්‍යාවකට විද්‍යා ප්‍රතිඵල ලැබීම.

නිකුත් කරන ලද ප්‍රතිඵල වල Z අගය හා දිස්ත්‍රික් කුසලතා පිළිගත නොහැකි ලෙස වෙනස්වී තිබීම.

නිවැරදි කල පසුවත් ගාල්ල දිස්ත්‍රික්කයේ කළා විෂයධාරාව කල සිසුන් දෙදෙනෙකුගේ ප්‍රතිඵල. දෙදෙනාටම Aල Aල ක‍ ලෙස ලැබී තිබුනද දිස්ත්‍රික් කුසලතා ස්ථාන අතර වෙනස 1 සහ 978 වේ. එසේම Z අගය .9942ක් ලබාගත් සිසුවාට පළමු තැනද 1.1834 ලබාගත් සිසුවාට 978 ස්ථානයද ලැබී ඇත.

විභාගයට පෙනී සිටි සිසුන් සමහරකටද ,Aඉිැබඑ, ලෙස ප්‍රතිඵල ලේඛනයේ දක්වා ඇත.

සමහර විෂයන්ට ප්‍රතිඵල නිකුත් නොකර අවසන් Z අගය සෑදීම පිළිබඳ සැක පවතී.

මෙවැනි විකාර සහගත විෂය ධාරාවන්ටද ප්‍රතිඵල නිකුත් කර ඇත.

දෙවන හා තුන්වන වර විභාගයට පෙනී සිටි සිසුන්ට ගිය වසරේ ප්‍රතිඵලයම හා Z අගයම ලැබීම.
සිසුන් හා ඔවුන්ගේ දෙමාපියන් තුල පැන නැගී ඇති සැකසංකා දුරු කිරීම සඳහා ආණ්ඩුව මේ සියල්ලට පිළිතුරු සැපයිය යුතුය.

එසේම මෙහිදී පැනනගින අනෙක් ගැටළුව නම් මේ ප්‍රශ්නයට සෘජුව අදාල නැති උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ භූමිකාවයි. විභාග දෙපාර්තුමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් වේ. උසස්පෙළ විභාගය සමත් වී විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ පසු විශ්වවිද්‍යාලයට බඳවාගැනීමේ ක්‍රියාදාමයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කටයුතු ආරම්භ වේ. අපේ රටේ අධ්‍යාපන ඇමති, නියෝජ්‍ය අධ්‍යාපන ඇමති, සහ අධ්‍යාපන අමාත්‍යංශයේ අධික‍ෂණ මන්ත්‍රීවරයෙක් ලෙස පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් අමාත්‍යවරු 3ක් සිටියදී උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් පෙනී සිටින්නේ උසස් අධ්‍යාපන ඇමතිවරයායි. රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමේ කටයුත්ත සිය වගකීම බවට පත්කරලෙන සිටින ඔහු මෙසේ හැසිරෙන්නේ රජයේ විභාග හා රජයේ විශ්වවිද්‍යාල පිළිබඳව විශ්වාසය බිඳ දමා, සිසුන් අතරමං කර පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා ඉඩකඩ විවර කර ගැනීමටදැයි සාධාරණ සැකයක් පැනනැගී ඇත.

නිකුත් කර ඇති දෝශ සහිත විකෘති ප්‍රතිඵලය වෙනුවට නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීම විභාගයට මුහුණ දෙන සිසුන්ගේ අයිතියකි. ඒ වෙනුවෙන් විභාග දෙපාර්තුමේනුතුවට බල කිරීම සඳහා 2011.12.28 (හෙට) මධ්‍යහ්න 12.00ට බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය අසලට පැමිණෙන ලෙස අසාධාරණයට පත් සිසුන් හා දෙමාපියන් ගෙන් ඉල්ලා සිටිමි.
,