EXCLUSIVE: දුමින්ද මානසික රෝගීයෙක් වෙයි

කාන්තාවන් දුටු තැන උම්මා දෙයි - සිප වැළඳ ගැනීමට සැරසෙයි, කතා කරන්නේ කුණුහරුප විතරයි

| ලංකා ගාර්ඩියන් විශේෂ වාර්තාකරුවෙකු විසිනි

මිනිසුන් හදිසි අනතුරු වලට ගොදුරු වීම, ලෙඩ වීම සාමාන්‍යය දෙයකි. මිනිසුන් මෙන්ම සතුන්ද මෙවැනි ශෝකාන්ත ජනක සිද්දීන්ට මුණ දෙනු ලැබේ. නමුත් අවි ගත්තෝ අවියෙන්ම නසිති යන කියමන සනාථ කරමින් පසුගිය චන්ද කාලයේදී සිදු වූ සිදුවීමෙන් ජීවිත කිහිපයක් මෙලොවින් සමු ගත්හ. මෙලෙස මෙලොවින් සමුගත් පුද්ගලයින්ගේ නෑ දෑ හිතවතුන් දුක් වුවත්, මළවුන්ගේ ආත්මයට සැනසීමක් ලැබී ඇත. නමුත් මෙමෙ සිද්ධියේදී වෙඩි වැදී ජීවිත ගලවා ගත් අයගේ පවුල්වල සාමාජිකයින්ට, ඔවුන්ගේ හිතවතුන්ට මෙන්ම අනතුරට ගොදුරු වූ පුද්ගලයින්ටත් සැනසීමක් ලැබී නැත. අප මෙසේ පවසනුයේ අන් කවරකුවත් ගැන නොව ලංකාවම දන්නා කුඩු දුමින්ද සිල්වා ගැනය. රටක නීතිය කෙසේ වෙතත් දැන් ඔහු ඉන්නේ පිටරටකය. දේශපාලකයින්ගේ රැකවරණය යටතේ ඔහු නීතියෙන් පැන ගොස් ඇත.

නමුත් ස්වභාවධර්මය ඉතාමත් දරුණු ලෙස ඔහුට දඩුවම් දී ඇත. අපට මේ බව දැනගැනීමට ලැබුනේ දුමින්ද ලංකාවේ සිටියෙදී ප්‍රතිකාර ලැබූ ජයවර්ධනපුර රෝහල් නිලධාරීන්ගෙන්ය. ඔවුනට අනුව දුමින්දගේ වත්මන් පෙනුම සිංහලයෙන් මොංගල් යැයි හදුන්වන ළමයකුට සමානය. තට්ටය ගා ඇති ඔලුවේ තැන තැන කෙස් ගස් තුන හතරක් මතු වී ඇත. ඔහු ඇවිදිනුයේ පපුව හා බඩ ඉස්සරහට කොට, අත් දෙක දෙපසට දිගු කරමින් රොබෝ කෙනෙකු ලෙස හිමිහිට අඩිය තබමිය. ඔහුව දකින ඕනෑම කෙනෙකුට සිනහ සමග ඔහු කෙරෙහි අනුකම්පාවද උපදී. මෙහි අවාසනාවන්තම තත්වය වනුයේ ඔහුගේ හැසීරීම් රටාවය. වාර්තා වන පරිදී ඔහු හොදට කතා කරයි. නමුත් ඒ අසභය වචන පමණී. කාන්තාවන් දුටු විට ඔවුන්ව උම්මා උම්මා කියමින් සිප ගැනීමටත්, බදා ගැනීමටත් සැරසේ. ඔහුගේ මවව පවා හදුනා ගත නොහැකී තත්වයකට ඔහු පත් වී ඇත. තවද ඔහු ලස්සනට චිත්‍ර අදින අතර ඒ සියලුම දෑ ඉතාමත් අශෝබන ලෙස ගැහැනුන් හා පිරිමින් ලිංගිකව හැසිරෙන ඒවාය. එසේ අදින චිත්‍ර හෙදියන්ට හා වෛද්‍යවරුන්ට පෙන්නා ඒවා ලස්සනද යන්න අසනු ලැබේ. මෙය ඔහුගේ රග පෑමක්ද, ඔහුගේ ඇත්තම තත්වයද යන්න වෛද්‍යවරුන්ට මෙන්ම හෙදියන්ටද ප්‍රෙහෙලිකාවක් වී ඇත. ඔහුගේ පවුලේ අය හදිසී අනතුරු අංශයේ දිගටම රැදී සිටි අතර, ඔවුන් ප්‍රධාන වෛද්‍යවරියට නම කියා කතා කර ඇත. ඇය සමග ඉතාමත් හොඳ සබද තවක් ඔවුන්ට තිබී ඇත. ඇයගේ ක්‍රියා කලාපය හා හැසිරීම නිසා දුමින්දගේ පවුලේ අයගෙන් ඇයට විශාල මුදල් කුට්ටියක් ලබුනේදැයි රෝහල තුල කසු කුසුවක් තිබුණි.

අප කලින් වාර්තා කල පරිදී දුමින්දගේ සහෝදරයා විසින් බැන වැදුන හෙදියගෙන් ඔහු සමාව ඇයද ඇත. තවද ඔහුගේ සිහිකල්පනාව ගැනීමට ගොටාභය ඇතුළු ඔහුගේ සහෝදර පිරිස දගලනුයේ, දුමින්ද පමණක් දන්නා රහස් අංකයක් ඔහුගෙන් දැනගැනීමටයි රාවයක් පවතී.

සෑම ආගමකට අනුව අපරාධ කරුවන්ට කවද හෝ දඩුවම් ලැබෙනු ඇත. දුමින්දයේ රගපෑමක් නොකරන්නේනම් ඔහුට මෙලවදීම දඩුවම් ලැබී ඇත. ලෝක ස්භාවය එයයි. ඉංග්‍රීසී භාෂාවෙන් enjoy now - pay later යනුවෙන් සදහන් කරනුයේ මෙයයි. මිනිසුන් තම බලය රැක ගැනීමට හා මුදල් හම්බ කර ගැනීමට නොයෙකුත් අපදධ කරනු ලැබේ. නමුත් ඔවුන් එයින් ලැබෙන මතු විපාකය කෙරෙහී අවධානය යොමු කර නැත. ඔවුන් මෙලොවට පැමිණ ඇත්තේ දුත මෙහෙවරක් ඉටු කිරීමට බවත්, මෙය තාවකාලික නවාතැන් පලක් බවත් ඔවුනට අමතක වී ඇත. අධි මනෝවිද්‍යාවට අනුව කවදා කොතැනකදී හෝ කල පවු වලට වන්දී ගෙවීමට සිදුවනු ඇත. තමන් සද කලීකයි සිතා ක්‍රියා කරන දේශපාලක්නයන් ඇතුළු සැවොම දුමින්දට සිදු වී ඇති දෙයින් පාඩමක් ඉගෙන ගත යුතුය. ඉරේසියව, වයිරය, ක්රෝදය, බලය, තණ්හාව පසෙක තබා මිනිස් වටිනාකම හරි හැටී තේරුම් ගෙන යුක්ති ගරුක සමාජයක් ගොඩ නැගීමට සියලුම දේශපාලකයින්ගේ ඔලු ගෙඩි පැහැදෙයි අපි පාර්ථනා කරමු

Tell a Friend