l කිෂානි වැලිවිටිගොඩ
පසු ගිය වසරේ එංගලන්තය සහ පාකිස්තානය අතර පැවති ටෙස්ට් තරඟ පකිස්තානයේ ක්රිකට් ක්රීඩකයන් තිදෙනෙක් විසින් මුදලට තරඟ පාවා දීම සම්බන්ධයෙන් ලන්ඩන අධිකරණයේදී චෝදනා ලබා සිටියේය. එසේ චෝදනා ලබා සිටි පාකිස්තානු ක්රිකට් ක්රීදයකින්ට තරඟ තහනමක් පනවා තිබු අතර අද දින ලන්ඩනයේ අධිකරණයේදී සිර දඬුවම් නියම කල බව විදෙස් පුවත් එජෙන්සි වලට වාර්තා වේ.
මුදලට තරඟ පාවා දීම, තරඟ වංචා කිරීම සහ අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි පාකිස්තානු හිටපු ක්රිකට් නායක වන සලමන් බට් හට මාස 30 ක සිර දඬුවම් නියම වුනු අතර වේග පන්දු යවන්නෙක් වන මොහමඩ් අසිෆ් ඉහත දැක්වෙන චෝදනා වලට වරදකරු වුයෙන් මාස 12 ක් සහ 19 හැවිරිදි ක්රිකට් ක්රීඩක මොහොමඩ් අමීර් හට මාස 6 ක සිර දඬුවම් ලන්ඩන අධිකරණය මගින් නියම කෙරින.
Post a Comment