ගල්කිස්ස මහේස්ත්රාත් උසාවියේ දඩ මුදල් බාර ගන්නා අයකැමියාට රුපියල් දාහක හොර නෝට්ටුවක් දී දඩ ගෙවා ඇතැයි ගල්කිස්ස පොලිසියට පැමිණිලි කර ඇත.
ශ්රී ලංකාව වූකලී ලක්ෂ ගන්නන් වියදම් කර යුක්ති දාමයට සම ප්රවේශයක් ගැන කතා කරන තවත් සංවර්දනය වෙමින් පවතින ලෝකයේ රටකි. යුක්තිය සෑම සංවර්දනය වෙමින් පවත්නා රටකම පාහේ කාබාසිනියා වී හමාරය.
දැන්වත් මානව හිමිකම්, නීතියේ ආදිපත්ය සහ යහ පාලනය පිළිබද දැනුම සහ අවබෝදය ගම් මට්ටමට ගෙන යාමේ කාලය එලබ ඇත. එයින් ඉහල මට්ටමේ කර්තවියන් අහෝසි කල යුතුයි අපි නොකියමු.
එසේ නොවුනහොත් දුප්පත් ජනතාවට යුක්තිය යනු තවදුරටත් ලගා විය නොහැකි මනක්කල්පිත සංකල්පයක්ම පමණක් වනු ඇත.
හර්ෂි සි. පෙරේරා
Post a Comment