තීන්දුවෙන් පසු ජනරාල් ෆොන්සේකා පස්ස දොරෙන් ඇදගෙන ගොස් වෑන් රථයට තල්ලු කරලා
| ශ්‍රී ලංකා ගාර්ඩියන් විශේෂ වාර්තා කරුවෙකු උසාවි සංකීරණයේ සිට
අද ( නොවැම්බර් 18 ) උසාවි පරිසරය තුළ දේශපාලනඥයින් , හාමුදුරුවරු , සිවිල් ක්‍රියාකාරිකයින් සහ දෙස් විදෙස් මාධ්‍යවේදීන් ඇතුළු දහසකට අධික සෙනගක් රැස්ව සිටියහ.
11 am පමණ පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි රැකවල් මධ්‍යයේ ජනරාල් සරත් ෆොන්සේකා අධිකරණ භූමියට පැමිණියා .
එම අවස්ථාවේදී ඔහු සමග පැමිණි ආධාරකරුවන් 'ජනරාල් දිනේව " යනුවෙන් කෑ ගසමින් පොලිවෙයේ භාදක නොතකා ජනරාල්ව වට කරගත්තා. මාධ්‍යවේදීන් පොලිස් නිලධාරීන් , බන්ධනාගාර නිලධාරීන් තෙරපෙමින් බහින්බස් වෙමින් අධිකරණ ශාලාව දක්වා ගියා . පොලිස් e නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන්ගෙන් ආධාරකරුවන්ගේ පහරකෑමට පවා ලක් වුණා .
අධිකරණ ශාලාවේ සිටි මිනිස්සු ඉවත් කරලා මාධ්‍යවේදීන් ඇතුලට ගන්න බව පොලිසිය කලින් කිව්වත් පසුව කිසිවෙක් ඇතුළට ගත්තේ නෑ . ඊට ප්‍රධාන හේතුව වුනේ විදෙස් මාධ්‍ය කිහිපයක් සජීවී විකාශනය සදහා පැමිණ සිටීමයි . එම මාධ්‍යවලට ඉඩක් නොදෙන ලෙස ඉහලින් නියෝග ලැබී තිබෙන බව පොලිසියේ ජ්යෙෂ්ටයෙක් ප්‍රකාශ කළා . පෙරවරු 11.00 ට විනිසුරුවන් පැමිණියහ.
තීන්දුව ප්‍රකාශ කළේ දීපාලි විජේසුන්දර පමණයි .වරාවැව විනිසුරු සමඟ කිසියම් කතාබහක් ඇති වූ බවක් පෙනුණු අතර තීන්දුව දෙද්දී අධිකරණ ශාලාවම දැඩි නිහඩබවක් ගත්තා .
තීන්දුවෙන් පසු ලද්දුවහෙට්ටි මහතා කළ ඉල්ලීමකට අනුව ජනරාල්වරයාට ප්‍රකාශයක් කරන්න අවස්ථාවක් දුන්නා.
මේ තීන්දුව නොපිළිගන්නා බවත් අසාධාරණ තීන්දුවක් බවත් ප්‍රකාශ කළා . විනිසුරු වරාවැවටස්තුති කළා . තීන්දුව දැනගත් පසු අධිකරණයෙන් පිට සිටි ජනතාව කුපිත වී කෑ ගැසුවා .. මහින්දට ශාප කළා . අසභ්‍ය වචන කිව්වා . විනිසුරු මඩුල්ල නැගිට යද්දී වරාවැව පුටුව තල්ලු කරලා තරහින් නැගිටලා ගියා .
ජනරාල් ෆොන්සේකා එලියට එයි කියල සියලු දෙනා එළියේ බලා සිටියත් හොර රහසේම ජනරාල්ගේ අකමැත්තෙන් අනිත් පැත්තේ දොරින් අරගෙන ගිහින් වැන් ඒක තුලටම තල්ලු කළා . ඒ පැත්තේ තවත් වාන් රථයක් නතර කරලා තිබුණා ..
මිනිස්සු එකෙන් තවත් කුලප්පු වෙලා ඒ පැත්තට දිව්වා .. මහින්දට ආණ්ඩුවට සාප කරමින් විශාල විරෝධතාවයක් පවත්වනු ලැබුවා. පොල් ගසමින් එම ස්ථානයේ රැඳී සිටි රජයේ රුපවාහිනී නාලිකාවල ඇයට පහර දීමට උත්සහ කරනු ලැබුවා.
බැස්ටියන් මාවත දක්වා විරෝධතාවය පැවතුනා. එහෙදී රාජපක්ෂ ජනාධිපතිවරයාට සුභ පතමින් තිබු සියලුම ප්‍රදර්ශන පුවරු ඉරමින් ඒවා පාගා දමමින් එවල කෙල ක්ගසන අකාරයද දක්නට ලැබුණි. නමුත් ටික වෙලාවක් ගියා පසු පොලිසිය මැදිහත් වී ඒවා ඉවත් කිරීම නතර කරන ආකාරය දකන ලැබුණි.
මේ අතර අබාධිත සෙබලෙක් රාජපක්ෂ වෙනුවෙන් අලව තිබු පෝස්ටර් ගලවා ඉවත් කර ඒවා තමන්ගේ තනි කකුලෙන් පාගන ආකරය සියලු දෙනාගේම පාහේ අවධානය දින ගත සිදු වීමක් විය.
අදාළ නඩු තීන්දුවට එරෙහිව එළඹෙන සඳුදා අභියාචනයක් සිදු කිරීමට බලාපොරත්තු වන බව නිතීඥ ලද්දුවහෙට්ටි මහතා ප්‍රකාශ කළේය.
තීන්දුවෙන් පසු හඬා වැලපෙන අනෝමා ෆොන්සේකා මහත්මිය |
Post a Comment