"තීන්දුව ප්රකාශට පත්වීමෙන් අනතුරුව සරත් ෆොන්සේකා මහත ප්රකාශ කර සිටියේ තමන් මේ තීන්දුව පිළි නොගන්නා බවයි"
මා මේ ගැන ජනාදිපති ගම් පියසේ එනම් තංගල්ලේ යාළුවකුට කිවුවා. 2 ට 1 කේ තීන්දුවක් බවද කීවා. ඇය කිවේ විරුද්ද වෙච්ච එක්කෙනාට මොනවා වෙයිද දන්නේ නැහැ කියලා.
කොහොම වුනත් යාලුවා අහලා නැද්ද බියගුල්ලෙක් වගේ දවස් සියක් ජිවත්වනවට වඩා සිංහයෙක් සේ එක දිනක් ජීවත්වීම සැපයි කියලා.
මේ සිරදඩුවම නිසා වඩාත්ම කම්පනයට පත්වන්නේ ඔහුගේ බිරිද සහ දියණියන් දෙදෙනා.
පහත දැක්වෙන්නේ අපර්ණා නඩුව ආරම්බ වූ මොහොතේ මුණු පොතේ කල සටහනක්.
" එය දැන් පටන් ගත්තා...........ඔබ කුමන කාර්යක නිරත වුනත් එය මදකට නතර කරන්න. අපේ ජෙනරාල් ගැන මුළු හදවතින්ම මොහොතක් සිතන්න........."
Post a Comment