වින්දිතයා මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වීම.


හර්ෂි සි. පෙරේරා
රණවක ආරච්චිගේ හේමසිරි මහතා රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට පදිංචිකරුවෙකි. 2004 වසරේදී ඔහුට කුරුවිට පොලිසියේ පොලිස්කාරයින් විසින් වදහිංසා පමුණුවන ලදී. එම පහරදීම නිසා හේමසිරිගේ මානව හිමිකම් උල්ලංගනය වූ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සබාව විසින් තීරණය කර නිර්දේශයක්ද ලබා දී ඇත. නමුත් මේ නිර්දේශයට කුරුවිට පොලිස් වදකයින් මෙතෙක් අවනත වී නැත.

නැවතත් 2011.02.03 වන දින හෙමසිරිව නීතිවිරෝදී ලෙස අත්අඩංගුවට ගත් කුරුවිට පොලිසිය ඔහුට විරුද්දව බොරු නඩු දමන ලදී. මෙනිසා ඔහුට රක්ෂිත බන්දනාගාර ගතවීමටද සිදු විය. මේ පිලිබදවද හේමසිරි අදාල වගකිවයුත්තන්ට පැමිණිලි කර තිබේ.

2011.11.13 දින හේමසිරි මහතා සිය නිවසේදී මානව හිමිකම් පිළිබද දැනුවත්බාවයක් ලබා දීමට කුඩා කණ්ඩායම් සාකච්චාවක් සංවිදානය කර තිබිණි. මෙම සාකච්චාවට ජනසන්සදයේ සම්බන්දිකාරකවරුන්ද සහබාගි විය.

මෙහිදී මුලික වශයෙන් සාකච්චා වුයේ වදහිංසාව කෘර අවමන් සහගත සැලකිලි වලට බාජනය නොවීමට ඇති අයිතිය පිලිබදව ශ්‍රී ලංකාවේ උත්තරීතර නිතිය වූ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ මුලික අයිතිවාසිකම් පරිච්චේදයේ එන 11 වන වගන්තිය පිලිබදවයි.

සාකච්චාව නිමාවට පත්වුයේ වදහින්සාවට පාත්‍ර වූ වින්දිතයින් ආශ්‍රයෙන් සැකසුනු කුඩා වීඩියෝ පටයක් නැරබීම මගිනි.