| දවසේ දේශපාලන කොමඩිය
අද නොවැම්බර් 19, 2011
"ඔබ රටේ සංවර්ධනය වෙනුවෙන් කරන කැපවීම මාගේ උපන් දිනය වෙනුවෙන් මට දෙන ලොකුම ත්‍යාගය" යෑයි ජනරාල් සරත් ෆොන්සේකා බරපතල වැඩ සහිතව වසර තුනක් හිරේට යවා ඒ සතුටට තමන් විසින් මරා දමනු ලැබූ උන්ගේ ලේ වලින් අයිසින් කරනු ලැබූ කෙක් ගෙඩිය බෙලි කැපූ දෑ කැත්තෙන් බරු ගහමින් සඳහන් කොළේ වෙන කවුරුත් නොව ඒ මහා බල පරාක්රමසාදාරන ලෙස පෙනී සිටිමින් අසාදාරණ වැඩ කොට තමන්ගේ මුක්තිය පමණක් හොයන මහින්ද රාජපක්ෂ මහතාය.
සිය උපන් දිනය වෙනුවෙන් සුබ පැතීමට අරලියගහ මන්දිරයට බලෙන් කුදලාගෙන ආ රජයේ නිලධාරීන් අමතා ඔහු මේ බව ප්‍රකාශ කළේය. "ඔබ අවංකව රට වෙනුවෙන් කැප වන්නේ නම් මේ රට සංවර්ධනය කිරීම ඒ හැටි අමාරු නොවන බව පැවසූ ජනාධිපතිවරයා අවශ්‍ය වන්නේ වුවමනාව සහ අධිෂ්ඨානය යෑයි ද කිව්වේ එහි සිටි සිමියෝන්ට අවංකකම ගැන පාඩමක්ද උගන්වමිනි.
"ත්‍රස්තවාදය පරාජය කර රටට තිරසාර සාමයක් උදාකිරීමට හැකියාව ලැබුණේ අපේ රණවිරුවන් තුළ තිබූ අධිෂ්ඨානය හා කැපවීම නිසාවෙන්" යෑයි ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ කිසිම විලි ලැජ්ජාවක් නොමැතිව ෆොන්සේකා උසාවියේ පස්ස දොරෙන් ඇදගෙන ගොස් වෑන් රථයට තල්ලු කොර දමන්නැයි තිරිසන් අණක් දීමෙන් පසුය. අනේ මුන්දගේ රණ විරුවන්ට සැලකීම... ...ක තමයි.
Post a Comment