කොලම්බියාවේ සිදු වූ කඳු නාය යෑමකින් 48 ක් මරුට

l කිෂානි වැලිවිටිගොඩ 

කොලම්බියාවේ මාධ්‍ය නගරයක් වන මැනිසේල්ස් ප්‍රදේශයේදී සිදු වූ කඳු නාය යාමකින් ජීවිත ආරක්ෂක නිලධාරින් විසින් තවත් මළසිරුරු 4 ක් සොයා ගැනීමෙන් පසු එම ව්‍යවසනයෙන් මිය ගිය මුළු සංඛ්‍යාව 48 ක් දක්වා ඉහල ගොස් තිබෙන බවට විදෙස් පුවත් එජෙන්සි අනාවරණය කරයි. 


අතුරුදහන් වූවායි සලකන පුද්ගලයන් 4 දෙනෙකු එම නගරයෙන් පිටතින් සිට තම පවුලේ සාමාජිකයන් ඇමතීමත් සමගම ජීවිත ආරක්ෂක මෙහෙයුම් එම නිලධාරින් අවසන් කර තිබේ.

මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 25 දෙනෙකුගේ මළසිරුරු සහ පිරිමින් 23 දෙනෙකුගේ මළසිරුරු තිබේ. නිවාස 14 ක් සම්පූර්නයෙන්ම විනාශයට පත් වී තිබේ.

කොලම්බියාවේ වර්ෂා කාලය ආරම්භ වීමත් සමගම පුද්ගලයන් 250,000 කට අධික පිරිසක් අවධානම් ස්ථාන වලින් ආරක්ෂාකාරී ස්ථාන වෙත යොමු කොට තිබේ.