දුමින්දගේ දුරකතනය සඟවලා

භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ආරක්‍ෂක නිලධාරීන් සමග වෙඩි හුවමාරුව වන අවස්ථාවේදී ‘කුඩු දුමින්ද’ මන්තී‍්‍රවරයා විසින් භාවිතා කළ දුරකතනය හා ඊට අදාළ සිම් කාඞ් පත සඟවා, වෙනත් සිම් කාඞ් පතක් යෙදූ ජංගම දුරකතනයක් නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කර තිබේ.

ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් අප වෙත ලැබෙන තොරතුරුවලට අනුව, පසුගිය 08 වනදා මුල්ලේරියාව ගැටුම සිදුවීමට මොහොතකට පෙර, මර්වින් සිල්වා අමාත්‍යවරයා දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයාට දුරකතන ඇමතුමක් ලබා දී ඇත.

කෙසේ වුවද, භාරත ලක්‍ෂ්මන් මහතා ඇතුලූ පිරිසගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, දුමින්ද සිල්වා මහතා පාවිච්චි කළ දුරකතනය නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් නොකොට, ආරක්‍ෂක ලේකම්වරයා වෙත ලබාදී තිබේ.

දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයාගේ දුරකතනය නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් නොකරන ලෙස උපදෙස් දී ඇත්තේ, ජනාධිපතිවරයාගේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් බුවනෙක අලූවිහාරේ මහතාය.

Lanka News Web 

Tell a Friend