අවසානයේදී ඩගී ලංතැරුමක් තෑගී දුන්නේය

නැවත පදිංචි වූ මාවෙයිකලඩ්ඩි ප්‍රදේශයේ ජනතාවට පහසුකම් රැසක් අමාත්‍ය දේවානන්දා විසින් ලබා දේ, යනුවෙන් අද ඊපිඩීපි සංවිධානය විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ. අදාළ නිවේදනය ලියා ඇති නෙල්සන් එදිරිසිංහ සඳහන් කරන පරිදි, " වලිකාමම් උතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තෙල්ලිපලෙයි මාවෙයිකලඩ්ඩි ප්‍රදේශයේ සංචාරයක යෙදුනු සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා එම ජනතාවගේ අවශ්‍යතා හා ඉල්ලීම් සොයා බලා ඒවා ලබා දීමට කටයුතු කළ අතර, සමහර ඉල්ලීම් ලබා දීමට ස්වෙච්ඡා සංවිධානවලට සහ රජයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. මෙම සංචාරය 2011.10.05 වන දින සිදුවිය. "

ඊට අමතරව ඇමතිවරයා , "මෙම ප්‍රදේශයේ නැවතපදිංචි වූ ජනතාවගෙන් ඉඩම් නොමැති අයට රජයේ ඉඩම් ස්ථීර වශයෙන්ම ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පොරොන්දු විය, " තවද, මෙසේ පදිංචි වූ ජනතාවගේ තැපැල් අවශ්‍යතාවය ඉටු කිරීමට තැපැල් සේවය ආරම්භ කිරීමට කටයුතු කරන බව ද පැවසීය.

ඒ ආකාරයට පොරිඳු රැසක් ලබා දී ඇති ඇමතිතුමා වසින් එවන් ලද සේයාරුවෙන් තමන් ගම්මුන්ට ලබා දුන් පහසුකම් රැස පෙන්නුම් කරයි. ඒ වූ කලී වෙන කිසිවක් නොව පැමිණ සිටි අය වලුන්ගෙන් තොආරගත් කිහිප දෙනෙකුට ලංතැරුම බැගින් දුන්නේය. එය නොලැබුණු අයද ඒ අතර සිටි බව ආරංචි වේ. නමුත් මාධ්‍ය නිවේදනයට ඒවා සටන් කිරීමට අමතක කොට ඇත. උතුරු වසන්තය දොරේ ගලා යන්නේ ඩගීගේ ලංතැරුමෙන් බව පෙනේ.


Tell a Friend