දකුණු අප්‍රිකානු බලදාරින් ටිබෙට් හි අද්යාත්මික නායක දලෙයි ලාමාට ඩෙස්මන් ටුටු අගරදගුරුගේ 80 වැනි උපන්දින උත්සවය සදහා සහබාගිවිමට විසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන ලදී.
සිවිල් අයිතිවාසිකම් පිළිබද ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ චීනයෙන් එල්ලවන බලපෑම් හමුවේ දකුණු අප්‍රිකාව මෙසේ කටයුතු කල බවයි. චීනය දකුණු අප්‍රිකාවේ ප්‍රදානම වෙළද සහායකයා වන අතර එය දලෙයි ළමා සලකන්නේ බයානක බෙදුම්වාදියකු ලෙසයි.
ඩෙස්මන්ඩ් ටුටු සිකුරුදා කේප් ටවුන්හි පවත්වන තම උපන්දින උත්සවයේ දෙසුමකට තම මිත්‍ර නොබෙල් සාම තාගිලාබියා වන ලාමාට ආරාදනා කර තිබිණි.
ටිබෙට් අද්‍යාත්මක නායකයාට දකුණු අප්‍රිකාවට පැමිණීමට ඉඩදෙන ලෙස විරෝදතාකරුවන් 250 ක් පමණ කේප් ටවුන් හි විරෝදතාවයකද නියැලිනි.

Post a Comment