හර්ෂි සි. පෙරේරා
කේ. ජි අමාලි සනෝජා ගාල්ලේ තෙලිකඩ මාජුවනේ පදිංචි දෙදරු මවකි. ඇගේ රැකියාව රෙදි වෙලදාමය.
මේ ඇයට සිදුවූ අසාදාරණයයි. අයුක්තියයි.
"2011.08.03 දින මට තෙලිකඩ පොලිසියට එන්න කිවුවා පැමිණිල්ලක් තියෙනවා කියා. පොලිසියේදී පැමිණිලිකරු සමග බහින් බස් වීමක් වුනා. ඒ පුද්ගලයා ගහන්න වගේ හැදුවා. මම හැන්ඩ් බැග් එකෙන් මුනට එකක් ගැහුවා.
ඔ අයි සි කාමරයෙන් එලියට ඇවිත් කුණුහරුපෙන් බැන්නා. ඩබ්ලිවු පි සි ලට කිවුවා මේකිව කුඩුවට දාන්න ඇතුලේ ඉන්න අයව එලියට දාන්න කියලා. එසේ දෙතුන් සැරයක් කියලා ඔ අයි සි පිටින් අල්ලලා මාව කුඩුව ඇතුලට තල්ලු කළා. මම අඩ අඩ හිටියා. එවිට කිවුවා උබව දවස් 14 කට ඇතුලට දානවා කියලා. පැමිණිල්ල ගැන කිසිදු දෙයක් විබාග කලේ නැහැ. පැමිණිලිකරුට කිවුවා මට විරුද්දව තව පැමිණිල්ලක් දාන්න කියලා. පැමිණිලිකරුවන්ට කිවා මේකිට මම හොද වැඩක් කරන්නම් ඕගොල්ලෝ ගෙදර යන්න කියලා. පසුව මාව මහේස්ත්රාත් නිල නිවසට ගෙනිච්චා. මාව දවසකට බන්දනාගාර ගත කළා"
Post a Comment