l කිෂානි වැලිවිටිගොඩ
සිරියාවේ ප්‍රකට පූජකවරයෙකු වන සෙයික් අහමඩ් හසෝන් වීඩියෝ පටයක් නිකුත් කරමින් කියා ඇත්තේ බටහිර රටවල් විසින් සිරියාවට පහර දුනහොත් මේ වන විටත් ඇමෙරිකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය ඇතුළු රට වල තමන් විසින් ස්ථාන ගතකොට ඇති මිනිස් බෝම්බ වලට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන්න අණ කරන බවට ප්‍රකාශ කර ඇත.
"යුරෝපයේ ඉන්න සියල්ලන්ටමයි ඉන්න සියලන්නටමයි මම මේ කියන්නේ මේ වන විටත් ඔබේ රටවල් වල මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ස්ථානගත කොට අවසන් ඔබ සිරියාවට හෝ ලෙබනනයට පහර දුන්නොත් ඔවුන් ඔබට පෙරලා පහර දීමට සුදානම්. අද සිට ඇසට ඇස දතට දත මෙන් ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රචණ්ඩත්වයට පිළිතුරු දීමට සුදානම්" යයි පූජකවරයා සඳහන් කර ඇත.
පසු ගිය සතියේදී සෙයික් හසෝන් පූජකවරයාගේ පුතෙකු වෙඩි තබා ඝාතනය කර ඇති අතර එය ත්‍රස්තවාදී කණ්ඩායමක කටයුත්තක් යයි ආණ්ඩුව ප්‍රකාශ කලද ස්වාධින නිරීක්ෂකයින් සැක පළ කලේ ආණ්ඩුවේ සිටි ඇතැමුන්ම එය සිදු කරන්න ඇති බවයි.
එසේම කුවෙයිට් හි පළ වන " අල් සියාසා" පුවපතේ ප්‍රධාන කතුවරයා වන අහමඩ් අල් ජරාල්ලා සඳහන් කලේ මෙවැනි තර්ජනය කිරීම් පළමු වරට සිදු නොවූ ඒවා බවයි. මීට පෙර සිරියානු ජනාධිපති බසාර් අල් අසාද් මැද පෙරදිග පැය 6 ක් ඇතුලත ගිනි තබා ගල්ෆ් හි තිබෙන තෙල් නිධි වල බලය තමන් නතු කර ගන්නා බවයි.
Post a Comment