අමිල ගුණරත්න
ළමා අපයෝජන සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ වරදකරුවන් වන්නන්ට මරණීය දණ්ඩනය දක්වා උපරිම දඬුවම් ලැබෙන අන්දමින් නීති සකස් කරන්නැ’යි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය රජයට යෝජනා කොට තිබේ. බාල වයස්කාර දරුවන් අපයෝජනය කිරීම ඇප නොදිය හැකි වරදක් දක්වා නීති රීති සකස් කිරීමේ හා ළමා හිංසන හැකි පමණින් අවම කරවීමේ අරමුණින් මේ යෝජනාව ඉදිරිපත් කරන බව එම අධිකාරියේ සභාපති අනෝමා දිසානායක මහත්මිය ප්‍රකාශ කළාය. නමුත් ළමා අපයෝජකයන් නීතියේ හිඩැසින් බේරී යාම බොහෝවිට දක්නට ලැබේ. එසේම දේශපාලන සබඳකම් යොදා ගනිමින්ද බොහෝ ළමා අපයෝජකයන් අද නිරුපද්‍රිතව සිටිති. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ලාබාල දැරියක් දුෂ්‍ය කිරීම නිසා නිසා අධිකරණයේ නඩු පවරා තිබුනද අද නඩු පවා අහෝසි කොට ගෙන ප්‍රසිද්ධ දේශපාලනයේ නිරතවේ. එසේම ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලැබූ සිසුවියකගේ පියයුරු විදුහල් භූමියේම මිරිකීම ගැන චෝදනා ලද ජේ .ඩී .සී ජයසිංහ (ජාවිගොඩගේ දොන් චාර්ල්ස් ජයසිංහ ) නොහොත් මුද්දරගම කුකුල් චාලි නමැති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියා අද තොරතුරු හා ජන මාධ්ය අමාත්යංශයේ සහකාර ලේකම් ධුරයක් දරයි.
Post a Comment