ගඩාෆිගේ බුද්ධි අංශ ප්‍රධානියා කැරලිකරුවන් අතරට ඔත්තු කරුවන් යවලා




කිෂානි වැලිවිටිගොඩ

ලිබියාවේ ගඩාෆි පාලනයේ මහා මොළකරු ලෙස සැලකෙන එරට බුද්ධි අංශ ප්‍රධානියා වන අබුදුල්ලාහ් සේනුසි විසින් පවත්වාගෙන ගිය රහස් ලිපි ගොනු රැසක මේ වන විට මාධ්‍යට නිරාවරණය වී ඇත. ඒවායේ අඩංගු තොරතුරු අතිශය වැදගත් ඒවා මෙන්ම නායක ගඩාෆි ඇමෙරිකාව ඇතුළු බරහිර රටවල ඒජන්ත්යෙකු ලෙස කටයුතු අකාරය මෙන්ම කැරලිකරුවන් අතරට ඔත්තු බලන්නන් යැවූ අකාරය සඳහන් වී තිබේ. කැරලිකරුවන් ලිබියාවේ අග නගරය වන ට්‍රිපොලි අල්ල ගන්න තෙක්ම ගඩාෆිගේ ආණ්ඩුව ඇමෙරිකාව සමඟ කිට්ටු සම්බන්ධතා පවත්වා ඇත.

එසේම ඊයේ අල්ජසීරා වාර්තා කරු විසින් සොයා ගනු ලැබූ තොරතුරු වලට අනුව සේනුසි විසින් පසුගිය මාස කිහිපය පුරාම කැරලිකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීමට ආණ්ඩුවට හිතැති විශාල පිරිසක් යොදා ගෙන ඇත. ඔවුහු විසින් ඇතැම් අවස්ථා වලදී කැරලි කරුවන් සමඟ එකතු වී යුධ මෙහෙයුම් සිදු කොට ඇත.

ඔහු විසින් එකතු කොට ඇති තොරතුරු වලට අනුව කැරලිකරුවන් විසින් දේශ සීමා ආසන්නයේ සරණාගත කඳවුරු මුවාවෙන් සන්නද්ධ කඳවුරු රැසක් පවත්වාගෙන ගිය බවයි. විශේෂයෙන් කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර් යන රටවල් පිහිටි දේශසීමා අසාන්නයේ මෙකි කඳවුරු පවත්වා ගෙන ගොස් ඇත.

කෙසේ වෙතත් මෙසේ නඩත්තු කරනු ලැබූ ඒජන්තයින්ට ගඩාෆි ආණ්ඩුව විසින් විශාල වශයෙන් වියදම් කොට තිබේ.

ගඩාෆිගේ ඔත්තුකරුවන් මෙසේ කැරලිකරුවන්ගේ කඳවුරු වල පමණක් නොව කැරලිකරුවන්ගේ ඊ මේල් පණිවිඩ පරික්ෂා කිරීමටද කටයුතු කොට ඇත. එසේ ඔවුන් කැරලි කරුවන්ගේ නායක මොහොමඩ් ජිබ්‍රෙල් ගේ විද්‍යුත් තැපෑල පවා පරික්ෂා කොට එහි අඩංගු සියලුම තොරතුරු එක් රැස් කොට තිබේ .


Tell a Friend