දැන් ඇය මුළුමනින්ම නීතිවිරෝදී මත්පැන් අලෙවිය නතර කර පෙදරේරු අත්වැඩ දීම මගින් ජීවිතය ගෙනියනවා. යහ මාර්ගයට පිවිසුනද ගාල්ල පොලිසියේ පොලිස්කාරයින්ගෙන් ඇයට ගැලවීමක් නම් නැහැ. ඔවුන් දිගින් දිගටම නඩු ඉල්ලමින් ඇයට කරදර කරනවා. වියාජ චෝදනා මත ඇයව අත්අඩංගුවට ගැනීමටත් උත්සහ කරනවා.
ඇය නීතිවිරෝදී මත්පැන් අලෙවිය නතර කරන්නේ 2011 අප්‍රියල් මාසෙදි. ඇය නමින් චාන්දනී දිසානායක. පොල්ගස්වත්ත, දොරපේ, අගුළුගහ, ගාල්ල ලිපිනයේ පදිංචිව සිටිනවා. ඇයට වයස අවුරුදු 13 ක පුතෙක්ද සිටිනවා.
දැන් ඇය මුළුමනින්ම නීතිවිරෝදී මත්පැන් අලෙවිය නතර කර පෙදරේරු අත්වැඩ දීම මගින් ජීවිතය ගෙනියනවා. යහ මාර්ගයට පිවිසුනද ගාල්ල පොලිසියේ පොලිස්කාරයින්ගෙන් ඇයට ගැලවීමක් නම් නැහැ. ඔවුන් දිගින් දිගටම නඩු ඉල්ලමින් ඇයට කරදර කරනවා. වියාජ චෝදනා මත ඇයව අත්අඩංගුවට ගැනීමටත් උත්සහ කරනවා.
2011.09.25 සහ 2011.09.27 දින ගාල්ල පොලිසියේ පොලිස්කාරයින් ඇගේ නිවසට පැමිණියා. වියාජ චෝදනා නගා ඇයව අත්අඩංගුවට ගන්න උත්සහ කරා. ඇයට ගංජා දමන බවට තර්ජනය කළා.
2011.09.28 දින ඇය පාරේ යමින් සිටියදී ඇගේ අංක SPWF - 1747 දරන යතුරුපැදිය ගාල්ල පොලිසියේ පොලිස්කාරයින් අත්අඩංගුවට ගත්තා.
ඇය නීතිවිරෝදී මත්පැන් අලෙවියේ යේදී සිටියදී ගාල්ල පොලිසිය ඇයට විරුද්දව නඩු 25 ක් 30 ක් පමණ පවරා ඇති අතර ඒ සියල්ල දඩ මුදල් ගෙවා අවසන් කර ඇත.

Post a Comment