ෆොන්සේකා හමුදාපතිව සිටියදී........


දේශාපලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම සඳහා රජය අධිකරණ ක‍්‍රියාවලිය අසාධාරණ ලෙස යොදා ගනිතියි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාගේ නීතිවේදී සාලිය පීරිස් මහතා කොටුව මහාධිකරණයේ දී පැවැසීය. ව්‍යාජ ලියැවිලි ඉදිරිපත් කැර යුද හමුදාවට උපකරණ මිලදී ගත්තැයි දනුන තිලකරත්නල වෙලින්ටන් ඩි හෝඞ්ට් හා සරත් පොන්සේකා චෝදනා ලබා සිටිති. එකම විදියේ චෝදනා මත නඩු දෙකක් පවරා ඇතැයි ද ඔහු කීවේයග රජයේ නීතිඥ දමිත් තොටවත්ත මහතා පැවැසුයේ ලිඛිතව ද විරෝධතා ඉදිරිපත් කරන බවයි.

1978 සිට අද දක්වා මෙරට අපරාද යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය තුල පලිගැනීමට ලක්වන්නේ සරත් ෆොන්සේකා පමණක් නොවේ. මේහි 99% කම ගොදුර බවට පත්වුයේ සාමාන්‍ය දුප්පත් ජනතාවයි. නමුත් මේ පොලිසිය, අදිකරණය, නීති පොත් "රිසච්" කරන අයට වැඩමුළු පවත්වන්නන්ට හොද ඉල්ලම්ය. සරත් ෆොන්සේකා සහ ඔහුගේ නිතින්ඥයින් අතීතයේදී එනම් ෆොන්සේකා හමුදාපතිව සිටියදී, සාමාන්‍ය ජනයා පිඩාවට පත් වන විට කෙල පිඩක් හෙළුවද?

හර්ෂි සි. පෙරේරා

Tell a Friend