ජනසංසදය 20 වන සාහිත්‍ය උළෙල 2011.09.18 වන ඉරුදින උදේ 10 සිට දහවල් 1 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මිහි ලක මැදුරේදී පැවැත්විණි. එයට 350 ක පමණ ජනතාවක් සහබාගි විය. මෙය සිංහල මාද්‍ය සහ දෙමල මාද්‍ය මගින් පැවැත්විණි.
අරම්බක දේශනය සෝමා පද්මකාන්තන් මහත්මියද, දෙවන දේශනය පියල් කාරියවසම් මහතාද පවත්වන ලදී. ඉන් අනතුරුව දිනමිණ පත්‍රයේ අකුණ විශේෂාංගය ගැන ලියවුන අකුණ පොත ගැන මාද්‍ය වේදී ප්‍රබුද්දී රණසිංහ අදහස් දක්වන ලදී. ඊළගට අකුණ පොත පිළිගැන්වීම සිදුවිය. ඉන් අනතුරුව අකුණ පොත ගැන චන්ද්‍රගුප්ත තේනුවර මහතා අදහස් දැක්විය.
සාහිත්‍ය උළෙල වෙනුවෙන් පැවති කෙටිකතා රචනා විවුර්ත තරග වල ජයග්‍රාහකයින් 26 දෙදෙනෙකුට තෑගි හිමිව තිබිණි. මෙම තරග දෙමල සහ සිංහල මාද්‍ය මගින් පැවැත්විණි.
රටේ විවිද ප්‍රදේශ වලින් පාසල් සිසුන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, වදහින්සාවට ලක්වූ වින්දිතයින් සහ ජනසංසදය සාමාජිකයින් සහ ක්‍රියාකාරීන් උද්යෝගිව මේ අවස්ථාවට සහබාගි විය. තෑගි ගත් පාසල් සිසුන් ජනසන්සදයේ ඉල්ලීම පරිදි තෑගි ප්‍රදානය කල ප්‍රබුන් අබියස වැද වැටුනේ නැත. ජයග්‍රාහකයින්ගේ හැගීම වුයේ මෙය චාම් උත්සවයක් බවයි.
හර්ෂි සි. පෙරේරා






Post a Comment