හර්ෂි සි. පෙරේරා
ඉහත ප්‍රකාශය කරන්නේ දොම්පේ පොලිසියයි. ඇත්තටම මේ ප්‍රකාශය මතක් කර දෙන්නේ මෑතකදී නිමාවට පත් වූ බොද මිදුම් නම් ටෙලිනාට්යේ දුෂ්ට චරිතය වූ සාලියගේ කියමනකි. ඇයි උබ හිතන් ඉන්නේ මම කොට කළු මහතා කොන්ඩේ බැදපු චීනෙක් කියලද? ලංකාවේ පොලිසිය කියනදේ විශ්වාස කිරීමට යමෙක් පෙලබෙන්නේ නම් හෙතෙම තවමත් කොන්ඩේ බැදපු චිනෙකි.
මෙහිදී පොලිස් වදහිංසා පිළිබද ජෙරාඩ් පෙරේරා මුලික අයිතිවාසිකම් නඩුව ශ්‍රේෂ්ටාදිකරණයේ විබාග වෙද්දී එහි පොලිස්කාරයින් වෙනුවෙන් පෙනීසිටි නීතිඥයා උඩ පැන පැන කිවේ ජෙරාඩ් තුවාල වුයේ ජීප් එකෙන් බිමට පැනීම නිසා බවයි.
පොලිසිය, නීති සහ වයිද්‍ය ශේෂ්ත්රයේ වුර්තිකයින් දැන්වත් ජනයා මුලා කිරීමෙන් වැළකිය යුතුය. මෙවැනි සිද්දීන් වලදී අපක්ෂපාති ලෙස මරණ පරීක්ෂණ පැවැත්විය යුතුය. නමුත් අතීතයේදී දොම්පේ හා සමාන සිද්දීන් වලදී සක්ෂි ලබා ගැනීම නිවැරදිව සිදුවුයේ නැත.
මේ සැකකරුව පොලිසිය මරා දමන්නේ අඟුලානේ නඩුවේ මරණිය දණ්ඩනය නමැති ජනප්‍රිය තීන්දුව දී මසකුත් ඉක්මවීමට පෙරය. මෙරට නිතිය වල්වැදී ඇත. නිතිය සහ සාමය රැකීමට සිටින පොලිසියේ ලොක්කන් එකිනෙකා මරා ගැනීමෙන් අනතුරුව සියදිවි නසා ගැනීම දක්වා පොලිසිය අගාදයකට වැටී ඇත.
කෙසේනමුත් ජන හඩට, ජන බලයට බොහෝ දේ වෙනස් කල හැක.

Post a Comment