![]() |
| File Photo |
අධ්‍යාපාන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් යාපනය පුස්තකාලයේ අද (20) පැවැති උත්සවයකදී මෙවර පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු ලැබූ සිසුන් අතරින් ශේදු රාගවන් අධ්‍යාපාන ඇමතිවරයාට වැඳීම ප‍්‍රතික්ෂේපකර අතැයි මාධ්‍ය වාර්තා වල සඳහන් වේ
පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් එම ප‍්‍රදේශයේ වැඩිම ලකුණු ලැබූ මනි දුර්ශිකා, රමේෂ් හා ශර්මිකා ශර්වානන්දන් යන දරුවන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ දෙපා අල්ලා වැඳ නමුත් රගවන් අදාළ ඇමති වරයාගේ දුෂිත දෙපා අල්ල නමස්කාර කිරීම අමතක කොට දමා ඇත. ඔහු වැඩි දුරටත් සඳහන් කොට ඇත්තේ තමා වඳින්නේ තමා බිහිකළ දෙමාපියන්ට හා තමාට ගුරුහරුකම් දුන් ගුරුවරුන්ට පමණක් බව ඔහු පවසා තිබේ. එසේම තමා පසුගිය කාලයේදී අධ්‍යාපනය ලැබුවේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ මුලතිවු ප‍්‍රදේශයේ බවත් ඔහු පවසා ඇත.
ඔවුගේ අවබෝධය මනරම්ය, දැකුම් කළුය, බුද්ධිමත්ය, මේ රටේ ලක්ෂ ගණනකට කියා ගන්නට කරන්නට බැරි දේ ඔහු කළේය. ඔහු වීරයෙකි. සැබෑ වීරයෙකි. සැබවින්ම පාද නමස්කාරය වූ කලි ලංකාවේ දේශපාලනයේ දක්නට ලැබෙන අනුවේදනීය සිදු වීමකි. මෙකි දේශපාලනඥන් රටට කර ඇති විනාශයට මෙන්ම ඔවුන් සූරා කෑ මහජන දේපල වලට වඳින්න නොව කුණු බිත්තර වලින් නාවා පැය 48 ක් බෙරේ වැවේ ගිල්වා තැබිය යුතුය.
මෙහිදී වැඩි විස්තර කිව යුතු නොවේ. රාගවන් සියලුම දෙනාට ලොකු පණිවිඩයක් ලබා දී ඇත, අපේ කාර්ය විය යුත්තේ රගවන්ගේ අනාගතය සුරැකීම සහ දේවානන්දගේ බලඇණියෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින් බේරා ගැනීමය.

Post a Comment