මාධ්‍යවේදීන්ට දිගින් දිගටම සිදුවන පහරදීම් ගණන් නොගත යුතු සුළු සිද්ධීන් බව ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ලංකා ඉරිදා සංග්‍රහය සමග සාකච්ඡාවකට එක් වෙමිනි.
එම සාකච්ඡාවේදී ඇමතිවරයාගෙන් විමසූ ප්‍රශ්න හා ඔහු ලබාදුන් පිළිතුරු පහද දැක්වේ;
උදයන් පුවත්පතේ මාධ්‍යවේදී කුගනාදන් මහතාට පහරදීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස ඔබ මොනවද කළේ?
මොනව කරන්නද? මට මුකුත් කරන්න බැහැ. මේක ලෝකයේ සාමාන්‍ය ධර්මතාව. ඒකට අපිට කරන්න දෙයක් නෑ. පුළුවන් තරම් අපි උත්සාහ කරනවා වැරදිකරුවන් කවුද කියලා සොයන්න. ඒත් ඒක හිතන තරම් ලේසි නැහැ.
ඒත් ඒ සම්බන්ධ වාර්තාව පසුගිය 03වැනිදා පොලීසිය ජනාධිපතිවරයාට භාරදුන්නා. ඒකෙ තියෙන්නේ මොනවද?
මට ඒක බලන්න නම් බැරි වුණා. අනෙක බලන්න මේ රටේ හොරකම් කොච්චර වෙනවද? හොයානොගත්ත හොරකම් අනන්තවත් තියනවා. එත් ඔබමේ සුළු සිද්ධියක් දෙකක් අරන් දඟලනවා.
වත්මන් ආණ්ඩුව බලයට පත්වූ දා සිට මාධ්‍යවේදීන් මරා දැමීම්, පහරදීම් විශාල සංඛ්‍යාවක් වාර්තා වෙලා තියනවා. ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස ඔබටත් රජයටත් මීට වඩා විශාල වගකීමක් තිබෙනවා.
ඔව් අපි පිළිගන්නවා. ඒත් මොනවා කරන්නද මේක තමයි සාමාන්‍ය තත්වය.
ඒත් ආණ්ඩුවට අවශ්‍ය සමහර පරීක්ෂණ කඩිනමින් සිද්ධ වෙනවා නේද?
ඔව්. සමහර ප්‍රමුඛතාවය දියයුතු කාරණා ගැන ආණ්ඩුව විශේෂ මැදිහත්වීම් කරනවා. ඒත් ඉතින් හැම එකකටම එහෙම කරන්න බැහැනේ. අනෙක මේ "උදයන්" මාධ්‍යවේදියා යාපනයේ කෙනෙක්. එහෙ තත්වය කොළඹ වගේ නොවෙයිනේ.
Post a Comment