පොඩ්ඩක් හෝව් !

සුපුන් පෙරේරා

ආයුධ හංගා ඇති තැන් බලන්න ගෙන යන ගමනේදී කහවත්තේ ඝාතකයාට වෙඩි තැබීමට පෙර මේක කියවන්න, 
කහවත්ත ප්‍රදේශයේ වයෝවෘද්ධ කාන්තාවන් දූෂණය කර අබිරහස්‌ අන්දමින් ඝාතනය කොට මරා දමන ලද සිරියල් ඝාතකයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු යුද හමුදාවේ සේවය කරමින් සිටි ආබාධිත සෙබළෙකි. එම සැකකරු පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ කියා ඇත්තේ වයෝවෘද්ධ කාන්තාවන් දකින විට තමන්ට නොයෙකුත් කාමුක සිතුවිලි ඇතිවන බව සහ එවිට තමා එම කාන්තාවන් පැහැරගෙන ගොස්‌ දූෂණය කර මරා දමන බවයි. අනිවාර්යෙන් මෙම පුද්ගලයා යම්කිසි මානසික ආකුලතවයකින් පෙල්ලෙනෙකි. ලංකාවේ තිස් වසරක යුද්දය නිසා තිරිසන්කරණයට ලක් වූ සමාජයේ මෙවැනි දේ ඇතිවීම ගැන අරුමයක් නොවේ. එහෙත් යුද්දය විසින් ඇති කල මානසික පීඩනය නිසා එහි බලපෑමට ලක් වූ සොල්දාදුවන්ට නිසි ප්‍රතිකාර සහ පුනරුත්තාපනය අවශ්‍ය බව අතලොස්සක් වූ විද්වතුන් විසින් පරියේෂනාත්මකව පෙන්වා දෙන ලදී. නමුත් ඔවුන්ගේ පෙන්වාදීම් ගණන් නොගත්තා පමණක් නොව යුද්දය නිසා ආබාධිත වූ සෙබළුන්ට ප්‍රතිකාර කල මානසික ප්‍රතිකාර මද්‍යස්ථානයද වසා දැමීමට කොළඹ යුද හමුදා රෝහලේ බ්‍රිගේඩියර් සුමනපාල නම් ඔලමොට්ටල නිලධාරියා කටයුතු කළේය. මෙම ඔලමොට්ටලයාගේ තීරණය නිසා අද මුළු කහවත්තම මලගෙයකි. එම නිසා අනාගතයේදී ද මෙවැනි තිරිසන් කතන්දර අපට අසන්නට ලැබෙනු ඇත.

ඉතින් ආයුධ හංගා ඇති තැන් බලන්න ගෙන යන ගමනේදී ආබාධිත සෙබලා නුදුරු දිනයක වෙඩි කනු ඇත , නමුත් ඔහු එම තත්වයට පත් වුයේ ඔහුට අවැසිව තිබේ ප්‍රතිකාර නොලැබී යාම නිසා නොවේද ? ඉතින් වෙඩි තැබීම සාධාරණද ?


Tell a Friend