හිටපු අගවිනිසුරුගේ තවත් දෙඩිවිල්ලක් !

හර්ෂි සි. පෙරේරා
රටේ බොහෝ ගැටළු වලට හේතුව විදායකයේ පවත්නා විනිවිදබාවයේ මදකමයි. මෙසේ කියන්නේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාය.

සින්ගරාසා නඩු තීන්දුව සමග මෙරට මානව හිමිකම් වලට නයිතික මළගම උදා කලේ මෙතුමා බව නොදන්නා කෙනෙකු නැත.

සරත්ගේ තත්වය බොහෝ අගවිනිසුරුවරුන්ට පොදුය. ඔවුන් ජනතාවට හොදක් වන තීන්දු දෙන්නේ සිය දුර කාලය අවසන් වන විටයි. නැතිනම් බොහෝ ආදර්ශවත් දේ පිළිබද දේශනා දෙන්නේ විශ්‍රාම යාමෙන් පසුවය. මේ තත්වය මෑතකදී සමුගත් අශෝක ද සිල්වාගෙන් ද ද දිස්විය. මාර්ක් ප්‍රනාන්දු විනිසුරු පවා ශ්‍රේෂ්ට නඩු තීන්දු දුන්නේ තමා අගවිනිසුරු නොවන බව දැන ගත්විටය.

උගතුන් තුලින් මෙවැන්නක් පිලිබිබුවිම කෙදාන්තයකි. සරත් නන්ද සිල්වා සබැ අවංක පුද්ගලයකු නම් පළමුව කලයුත්තේ තමා දුන් අත්තොනෝමතික තීන්දු පිලිබදව ජනතාවගෙන් සමාව ඉල්ලීමයි. මක්නිසාද 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් බල බිදදැමූ අදිකරණය තවදුරටත් විනාශය කරා ඇද දැමුවේ මෙතුමන්ලා බැවිනි.


Tell a Friend