වැලිකඩ කාන්තා රැදවියන්ට ගොදම්බරෝටි ලැබෙයි.

හර්ෂි සි. පෙරේරා
සිරකරුවෝද මනුෂ්‍යයෝය. ඔවුන්ට කන්න අවශ්‍යයි. ඔවුන් මනුෂ්‍යයින් නම් ආහාරය ප්‍රමාණවත් විය යුතුයි. එය ගුණාත්මක බැවින් වැඩි විය යුතුයි. විදෙස් සිරකරුවන්ට හොද ආහාරයකුයි අනෙක් අයට ඊට වඩා අඩු සවුත්තු ආහාරයකුයි නොවිය යුතුය. මනුෂ්‍යයින්ට සමානව සැලකිය යුතුයි.

සිරගෙදර දෙන මස් වැන්ජනයේ මස් කැබලි සොයා කිමිදෙන්නට සිදු වේ. තෙක දුම් රසය. තේ බිමට දෙන සිනි ප්‍රමාණවත් නැත. මේ දේවල් අපට කිවේ මෑතකදී වැලිකඩ බන්දනාගාරයේ කාන්තා අංශයේ නිදහස ලැබූ රැදවියන්ය. හැබැයි ඇමතිගේ කතාව හිරගෙදර කුස්සියට ටයිල් ඇල්ලීමය. අන්තර් ජාලයේ මුණු පොතක් විවුර්ත කිරීමය. මේවට සාමාන්‍ය මිනිසුන් නොරැවටෙන කාලය වැඩි ඇතක නොවේ.

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ තාප්පයට උඩින් දමා තිබූ ගෝදම්බරොටි පාර්සලයක් පෙරේදා :18 සවස සොයා ගැනීමට එහි නිලධාරිනියන් සමත් වී ඇත.

මීට අමතරව වැලිකඩ කාන්තා අංශයට වනාතමුල්ල සීවලී පටුමග දෙසින් රුපියල් 4000කට වැඩි සල්ලි මල්ලක් ද වැටී ඇතැයි වාර්තා වේ.

අදාළ පාර්සලයේ ගෝදම්බරොටි 100 ක් තිබී ඇතැයි ද පැවසේ.

මෙම පාර්සලය වනාතමුල්ල සීවලී පටුමග දෙසින් බන්ධනාගාර පරිශ‍්‍රයට විසිකරන්නට ඇතැයි බන්ධනාගාර බලධාරීහු සැකකරති.

කෙසේවුවද එහි සැකකටයුතු කිසිවක් නොවූ බවද පැවසේ.

බන්ධනාගාරයේ සිටින රැඳවියන්ට බත් නිරන්තරයෙන් ආහාරයට ලැබෙන බැවින් ඉන් මිදී වෙනත් යමක රස බැලීමට සිතා මෙම ගෝදම්බරොටි පාර්සලය බන්ධනාගාරය තුළට ගෙන්වා ගන්නනට ඇතැයි බන්ධනාගාර නිලධාරී හු සැකකරති.

වනාතමුල්ලල සීවලී පටුමග දෙසින් වැලිකඩ බන්ධනාගාරයට විසි කරන ලද රුපියල් 4000 ක මුදල සිරකරු සුබසාධන අරමුදලට බැරකර ඇතැයි ද පැවසේ.




Tell a Friend