ගණිකා වුර්තිය, නිතිය සහ මාද්‍ය.

හර්ෂි සි. පෙරේරා

මිලා ටෙලි නිළිය මාට්ටු - ගණිකා වෘත්තියේ නියැළී සිටියේ යයි චෝදනා ලැබ ප‍්‍රකට ටෙලි නාට්‍ය නිළියක අද දහවල් මිරිහාන පොලිස් අත්අඩංගුවට පත්වුණා. මේ ලංකා ගොසිප් වෙබ් අඩවිය පල කල පුවතකි.

මක්සිමස් ඩනි එරෙහි සිරිනිමල් සිල්වා ශේස්ට්රාදිකරන මුලික අයිතිවාසිකම් නඩුවේ වත්මන් අග්විනිසුරිවරිය පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ ගණිකා නිවස ආඥා පනතට අනුව වැරදි වන්නේ ගණිකා වුර්තියේ යෙදිම නොව ගණිකා නිවාසයක් කළමනාකරණය කර පවත්වාගෙන යාම බවයි.

මේ මාද්‍ය බාවිතය විසුළු සහගතය. එක්කෝ මේ ආකාරයට ඔවුන් ලියන්නේ ලිංගික කුහකත්වය නිසාය. නැතිනම් පොලිසිය කියන ඕනෑම දෙයක් විමසා බැලීමකින් තොරව ලියන්නට ඇති පුරුද්ද නිසාය.

අනික ගණිකා වුර්තියට සම්බන්ද කාන්තාවට පමණක් චෝදනා එල්ල වන අතර ඔවුන්ගේ පහස ලබන පිරිමින් ගැන වචනයකුද සදහන් නොවේ. මේ තත්වය ස්ත්‍රී දුෂණයට සම්බන්ද කාන්තාවන් සම්බන්දයෙන්ද සත්‍යකි. සියල්ලෝ අවදානය යොමු කරන්නේ ස්ත්‍රී දුෂණයට ලක්වූ තැනැත්තියටයි. ඔවුන්ට ඇය නරක තැනැත්තියකි. නැතිනම් අඩ නිරුවත් ඇදුම් අදින බව පැවසේ. උසාවියේදී පොරකන්නේ ඇයව බලා ගැනීමටයි. කිසිවෙක් ස්ත්‍රී දුෂණය කල අපරාදකරුට එතරම් අවදානයක් ලබා නොදෙයි.

තවද මේ චෝදනා එල්ලවන මිලාහි නිළිය වරදකරු වීමට පෙර සියලු අවමානයන්ට සහ අපහාසයන්ට ලක්වී ඇත.

සිතන්න ගණිකා වුර්තිය ගැන, අපේ නිතිය ගැන සහ අපේ මාද්‍ය ගැන.

 Tell a Friend