රජිනිකාන්ත් රෝහලෙන් පිට වී යයි.

කිෂානි වැලිවිටිගොඩ

වකුගඩු රෝගය නිසා සිංගප්පුරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඉන්දියානු ප්‍රවීන දමිල නළු රජිනිකාන්ත් අද ටිකට් කපා රෝහලෙන් පිටව ගොස් ඇත. ඔහුගේ රානා චිත්‍රපටයේ අවසාන රුගත කිරීම් මෙම මස අවසාන වන විට සිදු කිරීමට සැලසුම් කර ඇත. කෙසේ වෙතත් ඔහුගේ වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම සඳහා තව ටික කාලයක් ඔහුට සිංගප්පුරුවේ රැඳී සිටීමට සිදු වනු ඇත.

අප්‍රේල් 29 වන දින අධික වෙහෙසකාරී බව නිසා රෝගී තත්වයට පත් වූ ඔහු රානා හි රුගත කිරීම් ආරම්භ කල ප්‍රථම දිනයේදී ඔහුව චෙන්නායි හි පිහිටි ඉසබෙල් රෝහලට ඇතුලත් කල අතර එදිනම ඔහුගේ ටිකට් කපා ඇති නමුත් නැවත මැයි 4 වන දින වෛරස් උන රෝගයෙන් හා බ්රෝන්කයිටීස් රෝගයෙන් පෙලීම නිසා නැවතත් රෝහල් ගත කරන ලදී. ඉන් පසුව ඔහුව ශ්‍රී රාමචන්ද්‍ර වෛද්‍ය මද්‍යස්ථානය වෙත ඇතුලත් කරන ලද්දේ පෙනහළු ආසාදන තත්වයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහාය.

පසුව සිංගප්පුරුවේ පිහිටි ඉහල පෙලේ රෝහලක් වන මවුන්ට් එලිසබෙත් වෛද්‍ය මද්‍යස්ථානය වෙත ඇතුලත් කරන ලද්දේ වැඩි දුර ප්‍රතිකාර සඳහාය.

Tell a Friend