කොලොම්බියාවෙන් වින්දිතයින් සදහා නීතියක්.

කොලොම්බියානු සෙනට් මණ්ඩලය වින්දිතයින් සදහා නීතියකට අනුමැතිය ලබාදී ඇත. රටේ පවතින දිගුකාලින සිවිල් ගැටුමේ පිඩාවට පත් වින්දිතයින්ට වන්දි පිරිනැමීම සහ අවතැන් වූ මිලියන ගණන් ජනයාට නැවත ඉඩම් ලබාදීම මෙහි අරමුණ වේ.
මෙම නිතිය එතිහාසික බව ජනාදිපති ජුවන් මනිවල් සන්ටෝස් පවසා ඇත.

කැරලිකරුවන්, පරමිලිටර්ය්කරුවන් සහ පැහැරගැන්නන් විසින් නිවාස වලින් පිටුවහල් කල මිලියන 04 ක් පමණ වූ ජනයාට ආපසු ඉඩම් ලබාදීම මෙහි එක් අරමුණක් වේ.

කෙසේනමුත් මෙම නිතිය ක්‍රියාත්මක කිරීම දැඩි අබියෝගයක් වන අතර නිලදාරීන් ඇස්තමේන්තු කල පරිදි නැවත ඉඩම් ලබාදීමට දශකයක් පමණ කාලයක් ගත වෙනු ඇත.

කොලොම්බියාවේ වසර 40 ක් පමණ කාලයක සිට ගරිල්ලන්, පරමිලිටරිකරුවන්, මත්ද්රවිය කල්ලි සහ ආරක්ෂක අන්ස අතර සටන් සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවේ.

බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Tell a Friend