උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේදී මරා දමන ලද ගොවීන්ගේ සිරුරු කොටස් සොයාගත හැක බව ගාන්දි මහතා කියයි. ඔහු කාන්තාවන් දුෂණය කර ඇති බවටද චෝදනා නගයි. ඒ පිළිබද චායාරුප ඇති බවද ප්‍රකාශ කරයි.
නමුත් ප්‍රාන්තයේ පාලක බහුජන සමාජවාදී පක්ෂය චෝදනා ප්‍රතික්ෂේප කරන අතර වැඩිදුරටත් කියන්නේ මේවා දේශපාලන පෙලබවීම් මත සිදු කරන බවයි.
ගොවින් කියාසිටින්නේ කාර්මික වියාපෘති සදහා තම ඉඩම් ලබාදෙන්නයි බල කරන බවයි.
බොහෝ දෙනෙක් මෙය දකින්නේ ඉදිරියේ පැවත එන ප්‍රාදේශීය මැතිවරණය සම්බන්දයෙන් දේශපාලන පක්ෂ දෙකක් අතර ඇති වූ කෝන්තරයක් ලෙසයි.
ගාන්දි ගිය සතියේ විරෝදතකරුවන් සමග එක්වීම නිසා ටික කාලයකට පොලිසිය විසින් රදවා ගනු ලැබිණි.
ප්‍රාන්ත ආණ්ඩුව තමන් ප්‍රමාණවත් වන්දි පිරිනැමූ බව කීවද ගොවින් එයට එකග නොවේ. තවද ඔවුන් ගන්දිට චෝදනා කරන්නේ ඔහු දේශපාලනය සමග සෙල්ලම් කරන බව කියමිනි. ඔවුන් අදාල චායාරුප වල සත්‍ය බවද ප්‍රශ්න කරයි.
බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා
Post a Comment